gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ණය ප්‍රතිව්‍යුහගතකරණය සති අන්තයට ඇද්දේ උසාවි යන්න බැරි වෙන්න – ඩලස් කියයි

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අනුමත කර ගැනීමට සති අන්ත දින දෙක යොදා ගෙන ඇත්තේ එයට එරෙහිව අධිකරණයට යෑමට හෝ තිබෙන අවස්ථා මඟහැරීමට බවත් ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ බරපතළ සැකයක් මෙන්ම අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (28 දා) පැවැසීය.

 ජනාධිපතිවරයා විසින් සතිඅන්ත දින දෙක තුළදී පොහොට්ටු පක්‍ෂයේ අනුමැතිය ලබාගෙන මෙය සම්මත කර ගැනීමට කටයුතු කළත් එය ඡන්දය දුන්නු 69 ලක්‍ෂයේ එකඟතාවය නොවන බව මතක තබාගත යුතු යැයි ද ඒ මහතා නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

 අපේ රටේ ක්‍රියාත්මක වන්නේ මහා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවත් ඒ අනුව සතිඅන්ත පාර්ලිමේන්තුව රැස්කිරීමක් වන්නේ රටේ ජාතික ආරක්‍ෂාවට බරපතළ තත්ත්වයක් උදාවීමක් වැනි අවස්ථාවකදී බවත් අලහප්පෙරුම මහතා කීය. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසය ගෙන බැලීමේදී එම පාර්ලිමේන්තුව සෙනසුරාදා දිනයකදී රැස්කර ඇත්තේ එවක පාලනයේ අගමැතිව සිටි මාර්ගට් ටැචර් මහත්මිය පෝක්ලන්තය යුද්දයට මැදිහත්වීම සඳහා අනුමැතිය ලබාගැනීමට බව ද හෙතෙම කීය.

 මෙරටදී මෙබදු බැංකු දින 05 ක් වසා තැබීම, කොටස් වෙළෙදපොළ වසා තැබීම වැනි කරුණු සිදුකර පාර්ලිමේන්තුව සති අන්ත දින දෙක තුළ රැස්වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැංකු පොලිය අඩු කරනවාද, ණය කපා හරිනවාද ඇතුළු කිසිදු කාරණයක් පිළිබඳව කිසිවෙක් දැනුවත් නොකර බව ද හෙතෙම පැවැසීය.

 ජනාධිපතිවරයා විසින් මීට පෙර අවස්ථාවකදී කොටස් වෙළෙඳපොළ වසා දමන බවට ප්‍රකශ කර තිබෙන බවත් කී අලහප්පෙරුම මහතා මේ දින දෙක තුළ සිදුවන කාරණා සම්බන්ධයෙන් අධිකරණයටවත් යෑමට නොහැකිවීම ඉතාම බරපතළ තත්ත්වයක් බව ද කීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka