gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

භයානක තත්ත්වයක්! රටම දන්නා කියන ව්‍යාපාර සමූහයක හිමිකරුවකුගේ බොරැල්ලේ ‌නිවෙසට වෙඩි තියයි!

මෙරට ප්‍රකට ව්‍යාපාර නාමයක් වන DSI සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ධූරයක් හොබවන සජිත් රාජපක්ෂ මහතාගේ නිවසට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙහිදී ටී 56 ගිනි අවියකින් තැබූ වෙඩි ප්‍රහාර දෙකක් නිවසේ ගේට්ටුවට වැදී ඇති බව පැවසේ.

බොරැල්ල හරස් පාරේ පිහිටි මෙම නිවසට වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රාජපක්ෂ මහතාද නිවසේ රැදී සිට ඇති නමුත් ඔහුට කිසිදු අනතුරක් සිදුව නැති බව දැනගන්නට ඇත.

සජිත් රාජපක්ෂ මහතා යනු DSI සමූහ ව්‍යාපාරය ගොඩනැගූ සැම්සන් රාජපක්ෂ මහතා‌ගේ මුනුපුරෙකි.

මීට අමතරව සජිත් රාජපක්ෂ මහතා තවත් ආයතන ගණනාවකම ඉහළ මට්ටමේ තනතුරු හොබවන්නකු ලෙස සැලකේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka