gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට පැනපු වෛද්‍යවරුන්ට වැඩ වරදී.. රජයෙන් රතු නිවේදන නිකුත් කරයි

විශේෂඥ වෛද්‍යවරුන් 83 දෙනකු සෞඛ්‍ය අමාත්‍යාංශයට නොදන්වා හොර රහසේ විදේශ ගතවීම නිසා එම වෛද්‍යවරුන් සේවය අතහැර යෑමේ නිවේදන (v.o.p) නිකුත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සදහන් කරයි.

තවද විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනකු පුහුණුවීම් හා වෙනත් අවශ්‍යතා සදහා විදේශගතව නැවත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එම වෛද්‍යවරුන් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවද අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සදහන් කරයි.

විදේශ පුහුණුවෙන් පසුව මාණ්ඩලික සහතිකය ලබා විශේෂඥ වෛද්‍යවරයකු බවට මෑතකදී පත්වු වෛද්‍යවරුන් 250 දෙනකුගෙන් 50 දෙනකු රැකියා සඳහා විදේශ ගතව ඇති බවද වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සදහන් කරයි.

එලෙස හොර රහසේ විදේශ ගතවන වෛද්‍යවරුන් බැඳුම්කරය ගෙවා යා යුතු බවත් අමාත්‍යංශයට නොදන්වා විදෙස්ගත වු අයගෙන් බැඳුම්කරය අයකර ගැනීමට කටයුතු කරගෙන යන බවද  වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සදහන් කරයි.

රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මේ බව සදහන් කරයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka