gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැරිනම් අස්වෙන්න ඉතුරුවා මම බලාගන්නම් – සනත් නිශාන්ත

‘සංවර්ධන කමිටු සභාපති මමයි. ඔය කරුණු සංවර්ධන කමිටුවට දාන්න. පළවෙනි සැපයුම දෙනවා ජල සම්පාදන මණ්ඩලයෙන්. ඊට පස්සේ ඔය බෑ කියන සමිති විසුරුවලා දාන්න. ඒකත් කරන්න බැරිනම් මමම කරන්නම්. කවුරුහරි මහාසභාව කඳවන්න. ඉතුරුටික විෂය භාර අමාත්‍යවරයා විදියට මම බලාගන්නම්. මේවත් ප්‍රස්නද?මේ අරගලය ආවෙ නැත්නම් මේ වෙද්දි ප්‍රස්න විසඳිලා’ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එසේ ප්‍රකාශ කළේ පුත්තලම් දිස්තික් ප්‍රජා මූල ජල සංවිධාන සමග පැවැති සාකච්චාවකදිය.

පුත්තලම් ද්‍රිස්ත්‍රික්කය තුළ දැනට ක්‍රියාත්මක ප්‍රජා මූල ජල ව්‍යාපෘති වැඩිදියුණු කිරීම, නැවත ඉදිකිරීම, අලුත් ඉදිකිරීම්වල වැඩ අවසන්වීම් නැති සහ අර්ධ වශයෙන්වැඩ අවසන්වී ඇති ව්‍යාපෘති කඩිනම්කර ගැනීම සදහා මෙම සාකච්චාව කැඳවා තිබිණ. ආමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවැති පළමු වටයේ මෙම සාකච්චාව සඳහා පුත්තලම් දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මකවන ප්‍රජා මූල ජල සංවිධාන 22 ක නියෝජිතයන් කැඳවා තිබිණ. මෙහිදී වැඩිදුරටත් කතාකළ රාජ්‍ය අමස්ත්‍යවරයා මෙසේද කියා සිටියේය.

අරවා මෙව්වා ගන්න අමාත්‍යංශයට නිකං ආවා ගියාට වැඩක් නෑ. එන එන පාරට හැමතිස්සෙම කරදර කරන්න ඕන. නිකම්ම ඉඳගෙන සල්ලි අරගෙන සුදිය දදා ඉන්න හදන්න එපා. මේ සල්ලි දෙන්නෙ ජනතාවට බොන වතුර ටික දෙන්න. ඒක ජරියට කරන්න් බැරිනන් කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. අලුත් කට්ටියකට බාර දෙන්න. කඩාකප්පල් කරන්න හදන්න එපා. බැරි අයට කියන්න තියෙන්නේ මෙන්න මේ ටික විතරයි.

අමාත්‍යවරයා හමුවන සාකච්චාවකට එන්න බැරිනම් නියෝජිතයෙක් එවන්න දැනගන්න. මළ ගෙවල්, මගුල් ගෙවල්, කොටහළු ගෙවල්, අස්නීප වගේ දේවල් කාටත් වෙනවා. ඒවට යන්න. අමාත්‍යවරයාගේ කැඳවීම් ගැනත් බලන්න.

තව අවුරුදු පහක් විතර යනකම් ස්ථිර ජල යෝජනාක්‍රමයක් එන්නෙ නෑ. මේක  අසීරු ආර්ථික කාලයක්. ඒ හින්දා උනන්දු වෙන්න. මේ වෙලාවෙ මේ ටික කරගන්න. අර පවුල් ටික, මේ පවුල් ටික අතෑරුණා කියන්න එන්න බෑබෑ. එහෙන් මෙහෙන් කරන්න බෑ. වැඩේ හරියට කෙරෙන්න ඕන. ඕනකරන ට්‍රාන්ස්ෆෝමර්  15 ගේන්න සල්ලි බැඳලා ඉවරයි. මේ දවස්වල ඩොලර් ප්‍රස්නෙ. ලඟදිම ඒවා ලැබෙයි.

ලබන මාසෙ දවස් 10 කට ලංකාවෙම ඉන්න ජල තාක්ෂණික ඉංජිනේරුවරුන්, නිලධාරින් පුත්තලම් දිස්ත්‍රික්කයේ  නවතිනවා. ඒ අය ජල ප්‍රස්න තියෙන හැම තැනකටම එනවා. දැන්මම සැලසුම් හදන්න. අන්‍ය්හාට විෂය බාර අමාත්‍යවරයා විදියට ආසනයේ දිස්ත්‍රික්කයේ ජල ප්‍රස්න බැලුවෙ නෑ කියලා දොස් කියන්න එන්න එපා.

ප්‍රජා ජල සම්පාදන අධ්‍යක්ෂ ජනරාල් සහභාගිවූ මෙම සාකච්චාවේදී ජල සම්පාදනය සඳහා වන ලිඳ, මෝටරය, නළ, ඕවර් හෙඩ් ටැංකි, ජල අවශ්‍යතාව, ප්‍රතිලාභින් ගණන තනිව සහ පොදුවේ නලපාන ආකාරය පිළිබඳව පුළුල්ව සාකච්චාවට ලක්විය.

– Repoter
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka