gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

ස්වකීය කැබිනට් ඇමතිවරයා වූ හරීන් ප්‍රනාන්දු තමන්ට වැඩ කිරිමට අවස්ථාවක් නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රසිද්ධියේ පවසා තිබේ.
එම චෝදනාව ඇය විසින් නගා ඇත්තේ සංචාරක කටයුතු පිළිබඳ විෂයභාර කැබිනට් අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු ද ඉදිරියේ සිටියදී ය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ජනාධිපති කාර්යාලයේ දී , ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය සතියේ   කැබිනට් අමාත්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ගේ විශේෂ හමුවක් පවත්වා තිබේ.

එම අවස්ථාවේ දී උද්ගත වී ඇති විවිධ ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරනවිට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසා ඇත්තේ තමන්ට තම කැබිනට් ඇමතිවරයා විසින් වැඩ කිරීමට ඉඩ නොදෙන බවය.
රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට කැබිනට් අමාත්‍යවරුන් එම අමාත්‍යාංශවල විෂයන් බෙදා දී නොමැති බවද ඇය එහිදී  ඇය  ප්‍රකාශ කර ඇත.

තමාට පමණක් නොව ,ආණ්ඩුවේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයකට මේ ඉරණමට මුහුණදීමට සිදුව ඇතැයි ද ඇය පවසා තිබේ.


ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම ප්‍රකාශය කරද්දී,සංචාරක විෂය භාර කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද එම සාකච්ඡාවේ සිට ඇතැයි වාර්තා වේ.
-ලංකාදීප
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka