gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හැමෝටම අමාරු කාලේ අතට කීයක් හරි හොයාගමු.. තුවක්කු ගැන ඔත්තු දුන්නොත් පොලීසියෙන් මුදල් ත්‍යාග

පසුගිය කාල සීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මඟින් නිරීක්ෂණය වනුයේ, නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බව යි. මෙම තත්වය නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා මෙන්ම මහජනයාට අපරාධ බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා බාධාවක් වේ. එබැවින් මෙවැනි නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කළ යුතු අතර, ඒ සඳහා සියලු පොලිස් නිලධරයන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්වීමට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාග ගෙවීම, මාසයක කාලයක් සඳහා මුදලේ වටිනාකම වැඩි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.

ඒ අනුව, නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ අත්අඩංගුවට ගනු ලබන පොලිස් නිලධරයන් සහ පෞද්ගලික  ඔත්තුකරුවන් සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලැබේ.

පහත ඇමුණුමෙහි   සඳහන් පරිදි ත්‍යාග මුදල් ගෙවීමට  2019.09.18 දිනැති පොලිස්පති චක්‍රලේඛ අංක 2663/2019 සමඟ කියවෙන අපරාධ චක්‍රලේඛ අංක 02/2019 හි සඳහන් ප්‍රතිපාදන වලට යටත් ව පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදිය.

මෙහි මූලික පියවර වශයෙන් මෙම ත්‍යාග මුදල් ගෙවීම, 2023.06.25 දින සිට 2023.07.31 දින දක්වා කාලය තුළ සිදුකරන වැටලීම් වලදී අත්අඩංගුවට ගනු ලබන නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සඳහා සිදු කරනු ලබයි.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka