රජය මගින් නැනෝ නයිට්රජන් දියර පොහොර ආනයනයේ දී සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති රුපියල් හාරකෝටි, අනුඅට ලක්ෂ, හතලිස් හය දහස් හාරසිය හයක මුදලක් (49,846,406) මෙම වර්ෂයේ (2023) ජනවාරි මස 30 වැනි දින වන විටත් අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
නැනෝ නයිට්රජන් දියර පොහොර බෝතල් 100,224ක් 2021 ඔක්තෝබර් මස 18 වැනි දින ආනයනය කිරීම සඳහා සැපයුම්කරු වෙත බෝතලයකට ඇමරිකානු ඩොලර් 12.45 බැගින් රුපියල් විසිපන්කෝටි, තිස්තුන්ලක්ෂ, එක්දහස් එකසිය විසිහයක (253,301,126) මුදලක් ගෙවා තිබුණි.
පසුව බෝතලයක මිල ඇමරිකානු ඩොලර් 10 දක්වා අඩුකර ගැනීමට කටයුතු කර තිබුණි.
ඒ අනුව සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති මුදල අයකරගෙන නොතිබූ අතර සිමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අවසන් ගිණුම් තුළ එම වටිනාකම ලැබිය යුතු මුදලක් ලෙස ගිණුම් ගතකර නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ පිළිබද අදාල පොහොර සමාගමේ කළමණකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත රටෙහි හදිසි අවශ්‍යතාව හේතුකොට ගෙන නැනෝ නයිට්රජන් දියර පොහොර ආනයනය කිරිමට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් තිරණය කළ බවය.
ඒ අනුව ඇමරිකානු ඩොලර් 12,45ක මුදලකට නැනෝ නයිට්රජන් මිලිලීටර් 500ක බෝතලක් මිලදී ගැනීමට තීරණය කළ බවත්, දියර පොහොර බෝතල් 100,224ක් පළමු තොගය ලෙස ආනයනය කිරීමට කටයුතු කළ බවය.
ඒ සදහා Telegraphic Transfer ක්‍රමය භාවිත කර සැපයුම්කරු වෙත ගෙවිම් කළ අතර, පසුව අමාත්‍ය මණ්ඩලයේ තිරණය මත ණයවර ලිපි විවෘත කර ඇමරිකානු ඩොලර් 10 බැගින් ඉතිරි දියර පොහොර සදහා ගෙවිම් කරණු ලැබු බවය.
ඉතිරි දියර පොහොර ආනයනයේ දී සැපයුම්කරු වෙත වැඩිපුර ගෙවනු ලැබූ මුදල ණයවර ලිපිය මගින් ගෙන්වනු ලබන පොහොර සඳහා ගෙවිම් කිරිමේ දී අයකරගැනීම සදහා බැංකුව වෙත උපදෙස් ලබා දුන්නද ඒ සඳහා හැකියාවක් නොමැති බවට බැංකුව විසින් දැනුම් දුන් බවද පොහොර සමාගම විසින් විගණනයට සඳහන් කොට ඇත.
වැඩිපුර ගෙවා ඇති මුදල් මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු මුදලක් වන අතර, මෙහි වාණිජමය ගණුදෙනුවක් සිදුනොවූ බවද සමාගම විසින් විගණනයට සඳහන් කොට ඇත.
මෙම ගනුදෙනුව සිදුවන සමයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතාත්, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාත් කටයුතු කළේය.
-lankasara