gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජුලි චන්ග්ට ටොක්ක අනින කොට ඌයියා වෙන්නෙ “ටින් ටින්” ට – විමල්

වික්ටෝරියා නුලන්ඩ්ගේ සහ මෙරට ඇමරිකානු තානාපති ජුලි චන්ගේ එකඟතාවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟතාවය පළකරන විට අරගලකාරයන් බෙහෙතකටවත් සොයාගන්න නැති බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ මහතා කියයි.

ඊයේ (01 වැනිදා) කොළඹ හයිඩ් පිටියේ රට විකුණන පරගැති පාලනයට එරෙහි මැයි රැලිය මැයෙන් පැවති උත්තර ලංකා සභාගයේ මැයි දින රැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ මැයි රැලිය අමතමින් මෙසේද කීය.

”විද්දෙ පඳුරට වැදුනෙ හාවට. ජුලි චන්ග්ට ටොක්ක අනිනකොට ඌයියා වෙන්නෙ ටින් ටින්ට. ජුලි චන්ග්ට ටොක්ක අනිනකොට ඌයියා නේනේ චම්පිකට. ඌයියා වෙන්නෙ සරත් ෆොන්සේකාට. අන්න ජුලි චන්ග්ගෙ ඇම්බැට්ටයෝ ටික හඳුනා ගන්න, ඒ තමයි එයාගෙ නියම ගෝලයෝ ටික ජුලි චන්ග්ගෙ පුත්තු ටික මොන පුත්තුද කියලා මම කියන්නෙ යන්නෙ නැහැ. ඒ තමයි රෙජිම් චේන්ජ් කරන අලුත් විදිහ. ප්ලෑන් “ඒ“ එක තිබ්බෙ කතානායකවරයාව එකඟ කරගෙන ව්‍යවස්ථාවේ කොහෙවත් නැති අන්තර්කාලීන පාලනයක් අටවන්න. ඒ, දේශීය විදේශීය නියෝජිතයන් සමග. ෆොන්සේකාට ඌයියා ගියේ එයත් ඒ මණ්ඩලයට ගන්න හිටපු එක්කෙනෙක් නිසයි. මේ තමයි අලුත් විදිහ අපිව අත්පත් කරගන්න. මේ ඉන්දු පැසිෆික් කලාපය පාලනය කරන්න නම් මෙතැන තමයි රැඳෙන්න ඕන තැන. මෙතන තමයි අත්පත් කරගන්න ඕන තැන.

උන්ගෙ රූකඩ පාලනයක්…..

මෙතන එක්කො ඉන්න ඕන උන්ගෙ රූකඩ පාලනයක් නැත්නම් රාජ්‍ය බිඳ වට්ටලා හයිටිය ලිබියාව ඉරාකය වගේ බිඳ වැටුනු මළ රාජ්‍යයක් බවට මේක පත්කරන්න ඕන. රනිල් වික්‍රමසිංහ දැන් ජුලි චන්ග්ව වැඩිය කලබල කරන්නෙ නැහැ. වැඩිය ට්විටර් දාන්නෙ නැහැ. ඇයි ඒ, වික්ටෝරියා නුලන්ඩ් ආවා රනිල් ජනාධිපති වුණාට පස්සේ. එයා ඇවිත් සති දෙකයි පෙබරවාරි 14 ආවා ස්පෙෂල් ඇමරිකන් මිෂන් එකක්. ඒ විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්. සීඅයිඒ ප්‍රධානියා ඇතුළු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මේ කලාපය භාර නිලධාරියෙක් වගේම විස්සක් ආවා කටුනායක ගුවන් තොටුපළට ඔවුන්ගේ ගුවන් යානා දෙකකින්.


VIP පර්යන්තයෙන් ආව අය අපේ දුරකථන කේබලය ටැප් කරන්න ඉල්ලනවා….

ජනාධිපති පාවිච්චි කරන වීඅයිපී පර්යන්තයෙන් තමයි රට ඇතුළට ගත්තෙ. යනකොට ගියෙත් එහෙම. පාස්පෝර්ට් බැලුවෙත් නැහැ. ගමන් මළු පරීක්ෂා කළේ නැහැ. අධිවේගි මාර්ගය වහලා ඒ ගොල්ලො කෙළින්ම එනවා කොළඹට. ඇවිත් ජනාධිපති එක්ක, ආරක්ෂක ලේකම් එක්ක, බුද්ධි අංශ ප්‍රධානි සලේ එක්ක සාකච්ඡා කරනවා. ඒ ගොල්ලො ඉල්ලනවා කාරණා හතරක්. තුනකටම රනිල් එකඟයි. ඒ නිසා තමයි ජුලි චන්ග් දැන් හරියටම සද්දෙ වහලා ඉන්නේ. ජුලි චන්ග්ගෙ පැටව් ටික විපක්ෂයේ ඉඳගෙන රනිල්ගෙ ගමන හරි කියලා කියනවා.

පළවෙනි එක තමයි මහ සාගරය මැදින් එන අපේ දුරකථන කේබලය ටැප් කරන්න ඉල්ලනවා. ඒකට එකඟයි. ඊළඟ එක තමයි ජාතික බුද්ධි අංශයට උඩින් සීඅයිඒ එක්කෙනෙක් තියන්න. ඒකටත් එකඟයි. ගුවන් තොටුපළ සොෆ්ට්වෙයාර් හයි කරලා යන එන සියලු දෙනාගේ ජීව දත්ත ඒ අයගේ අතට ගන්න ඉඩ දෙන්න. ඒකටත් එකඟයි. අන්තිම එක සෝෆා ගිවිසුමට සංශෝධනයක් දාලා ඇමරිකානු ආරක්ෂක නිලධාරින්ට ආයුධ සන්නද්ධව පරීක්ෂා කිරීමකින් තොරව නිදහසේ ලංකාව ඇතුළේ සැරිසරන්න ඉඩ දෙන්න. ජනාධිපති වික්‍රමසිංහ කියනවා ඒක විතරක් අපි තවදුරටත් සාකච්ජා කරලා බලමු කියලා.

අරගලේ හිටිය මරු බඩුටික….

මරු බඩු ටිකක් හිටියානේ අරගලේ. දැන් උන්ව බෙහෙතකටවත් හොයාගන්න නැහැ. දැන් ජුලි චන්ග් ඉන්නෙ සතුටින්. ලිබියාව තරමටම වට්ටාගත්තා නම් තමා එයා හොඳටම සතුටු වෙන්නෙ. හැබැයි මේකත් නරක නැහැ. ආර්ථිකය භාරදීලා තියෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. අයිඑම්එෆ් එක ආර්ජන්ටිනාව, ග්‍රීසිය අද හතරගාතෙන් වට්ටලා ඉවරයි. පකිස්තානයත් මේ මාවතේම ඇදගෙන යනවා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka