නීති කඩකර ප්‍රතිඅපනයනය කරන කරුංකා ජාවාරමක් ගැන සජිත්ගෙන් අනාවරණයක් (VIDEO)
පුවක් වගාව මේ රටේ දහස් සංඛ්‍යාත ජනතාවක් ආදායම් ලබන ක්‍රියාදාමයක් වන බවත් වසරකට මෙට්‍රික් ටොන් 20000ක් නිෂ්පාදනය කරන බවත් ඉන් මෙට්‍රික් ටොන් 4000ක් පමණ අපනයනය කරන බවත් විපක්ෂ නායකවරයා පවසයි.ඉන්දීය ශ්‍රි ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා අයිතම 4000ක් ඉන්දීය වෙළෙඳ පොළට අපනයනය කිරීමේ හැකියාව තිබෙන බවත් ඒ සඳහා ප්‍රභව ස්ථාන සහතිකයක් ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඉන්දුනීසියාවෙන් සහ වෙනත් රටවලින් කරුංකා ආනයනය කර අගය එකතු කිරීමකින් තොරව ප්‍රතිඅපනයනය කිරීමක් සිදු කරන බව පාර්ලිමේන්තුවේ අවධාරණයට ලක් කළේය.
මේ නිසා දේශීය නිෂ්පාදනකයන්ට බරපතල අසාධාරණයක් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් මෙසේ ප්‍රමිතියකින් තොරව අපනයනය කිරීමෙන් අප රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ අසාධුලේඛන ගත විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දුන්නේය.
මේ නිසා දේශීය නිෂ්පාදනකයන්ට බරපතල අසාධාරණයක් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් මෙසේ ප්‍රමිතියකින් තොරව අපනයනය කිරීමෙන් අප රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ අසාධුලේඛන ගත විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දුන්නේය.
නීති කඩකර ප්‍රතිඅපනයනය කරන කරුංකා ජාවාරමක් ගැන සජිත්ගෙන් අනාවරණයක් (VIDEO)
2023-05-28T07:49:00+05:30
Gossip Lanka Hot News