gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාගල එජාපයේ සෝෂල් මීඩියා ටීම් එකට ගාල්ලේ හෝටලයක දින දෙකහමාරක WORK SHOP එකක් තියයි! පත්වීම් ලිපිත් බාර දෙයි! (PHOTOS)

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්, එක්සත් ජාතික පක්ෂයේ සියලුම දිස්ත්‍රික්කවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ සහ පත්වීම් ලබා දීමේ වැඩසටහන් මාලාවේ පළමුවෙනි වැඩසටහනට ගාල්ලේ “රැඩිසන් බ්ලු” හෝටලයේ දී පැවැත්වුණා.

දින දෙක හමාරක නේවාසික පුහුණු සැසියක් ලෙස සංවිධානය කළ මෙම වැඩසටහන අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා අතින් පත්වීම් ලිපි ලබා දීම සහ සහතික පත් බෙදාදීම සිදුවුණා.


කොළඹ,ගම්පහ,කළුතර සහ මාතර හම්බන්තොට, යන දිස්ත්‍රික්කවල සම්බන්ධීකාරකවරු පළමුවැනි වැඩසටහනට සහභාගි වූ අතර ඉදිරි වැඩසටහන් වල දී අනෙකුත් දිස්ත්‍රික්ක වල සම්බන්ධීකාරකවරු සහභාගී කර ගැනීමට නියමිතයි.


එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා(2023/05/21) එහිදී දැක්වූ අදහස්,


සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය දේශපාලන පක්ෂයකට ඉතාම වැදගත් වෙනවා.වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය පාලනය කිරීමක් සිදු වෙන්නේ නෑ.ඒ නිසාම පක්ෂයක් විදිහට අපි පක්ෂය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මාධ්‍ය භාවිත කිරීම ඉතාම පරිස්සමින් සිදු කරන්නට වෙනවා.ලංකාවේ පවතින සමබර සහ සාධාරණ මාධ්‍ය වටපිටාව නිසා පක්ෂයක් වශයෙන් එය අපිට යම් අවාසි සහගත තත්ත්වයක් ඇති කරනවා.නමුත් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියට අපි ගරු කළ යුතුයි.ඒ නිසා සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳ මෙවැනි වැඩමුළු සංවිධානය කිරීම ඉතාම වැදගත් දෙයක් බවට පත්වෙලා තිබෙනවා.එනිසා පසුගිය අවුරුදු 10 -15 ක කාලය තුළ සමාජ මාධ්‍ය කියන එක විශාල වශයෙන් ගොඩනැගිලා තිබෙනවා.මැතිවරණ ව්‍යාපාර වලදී පවා සමාජ මාධ්‍ය හැසිරීම කියන එක ඉතාම වැදගත් අංශයක් බවට පත් වෙලා තිබෙනවා.මේ මොහොතේ අපිට තියෙන්නේ එක වැඩ වැඩපිළිවෙළයි. ඒ තමයි ,රට නිවැරදි මාර්ගය ට නැවත ගැනීම.70% ක තිබුණ උද්ධමනය සියයට තිහකට අඩු කරන්නට හැකියාව ලැබුණා.පෝලිම් යුගය නැති නැතිවුණා. රුපියලේ අගය වඩා හොඳ මට්ටමකට පත් වුණා. වසර අවසාන වෙද්දී උද්ධමනය තනි ඉලක්කමක ට ගෙන ඒම තමයි අපේ බලාපොරොත්තුව වී තිබෙන්නේ.දැනට පොලී අනුපාතය පහළට ගෙන ඒම පමණයි අපට කරන්නට තිබෙන්නේ.මුදල් සංසරණයට සහ විශාල ව්‍යාපාර, කුඩා ව්‍යාපාර හැම එකටම ඒක විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.එනිසා එය තනි ඉලක්කමකට ගෙන ඒමේ වගකීම අපට තිබෙනවා.අපි මුලින්ම කළේ, ස්ථායිකරණ වැඩසටහනට ප්‍රවේශ වීමයි.ඊට පස්සේ නිශ්චිත රාමුවක් තුළ වෙනස් කිරීමේ කටයුතු ආරම්භ වුණා. දැන් අපිට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් ආර්ථිකය වර්ධනයට ලක්කිරීමයි. එක තීරණයක් හැමෝටම සමානව ලැබෙන රටක් බවට පත්කළ යුතුයි. එවිට තමයි ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ලැබෙන්නේ.විශේෂයෙන්ම වේගයෙන් දියුණු කළ හැකි සංචාරක ව්‍යාපාර වගේ අංශ දියුණු කිරීම ඉක්මනින් කළ යුතුව තිබෙනවා.ඒ වගේම වගේම කෘෂි කර්මාන්තය නවීකරණය කරලා ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. හෙක්ටෙයාරයකට මෙට්‍රික් ටොන් තුනක් හතරක් පමණ ලබන තැනක් සාමාන්‍යයෙන් නවීන තාක්ෂණයත් මෙට්‍රික් ටොන් 10ක් වගේ දක්වා දියුණු කර ගෙන තිබෙනවා අපි දැක්කා. ඩ්‍රෝන තාක්ෂණය,පසට ගැලපෙන පොහොර ලබාදීම වැනි දේවල් එක්ක මේ ක්ෂේත්‍රය දියුණු කර ගැනීමේ හැකියාව තිබෙනවා.මේ රට ඩිජිටල්කරණයට ලක් කල යුතුයි. ඒ තුළින් වංචාව දූෂණය පිටු දකින්නට පුළුවන්.ඒ වගේම තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපේ රටේ විශාල පිරිසක් බිහි වුණත්, ඔවුන් පිටරටට ඇදී යෑම වැඩියි .එනිසා මේ රට නිවැරදි පිළිවෙළට සකස් කළ යුතුව තිබෙනවා. නූතන ලෝකයත් එක්ක ඉදිරියට පත්වාගෙන යා හැකි රටාවක් මේ රට තුල නිර්මාණය කළ යුතු වෙනවා.පුංචි කාලේ ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ, ආයෙත් මුල ඉදන් අපිට මේක පටන් අරගෙන යන්න තිබෙනවා.ඒ වැඩපිළිවෙළ ජනතාවට ගෙනියන වගකීම තිබෙන්නේ ඔබ තුළයි.ඒ සමාජ වගකීම ඉටු කිරිම සමාජ මාධ්‍ය සම්බන්ධීකාරක වරුන් ලෙස ඔබගේ වගකිමක් බව මතක තබා ගත යුතුයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka