gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තුෂාර සංජීව කුරුණෑගල නගරාධිපති ධූරයෙන් පහ කරයි – චෝදනා 11කට වැරදිකරු වෙයි

කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා වන තුෂාර සංජීව විතාරණගේ පාලන කාලයේදී වැරදි සිදුකර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ නියමයෙන් පත්කරන ලද ඒකපුද්ගල පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලද නගරාධිපතිට එරෙහි චෝදනා 18 අතරින් 11කට ම ඔහු වැරදිකරු බව එම කොමිසම තීන්දු කර තිබෙනවා.

එම පරීක්ෂණ කොමිසම විසින් ලබා දෙනු ලැබ ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ 2022.12.31 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහකළ අයෙකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ අතිවිශේෂ ගැසට් නිවේදනයක් පෙරේදා (08) නිකුත් කළා.

නගරාධිපතිවරයාට එරෙහිව ලැබී තිබූ පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් යුත් එම පරීක්ෂණ කොමිසමේ කටයුතු 2022.12.09 වන දින සිට ආරම්භ කරනු ලැබුවා.

මෙම කොමිසම හමුවේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න සහ ඒ.ජේ.එම්.මුසම්මිල් ද සාක්ෂි ලබා දී තිබෙනවා.

මහ නගර සභා ආඥා පනත යටතේ 2020 වසරේ අයවැය සම්පාදන හා බලාත්මක කිරීමේ නියෝගවල විධිවිධාන ක්‍රියාත්මක වීම හේතුකොටගෙන තුෂාර සංජීව විතාරණ 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූවා සේ සලකන බව ද එම ගැසට් නිවේදනයෙහි සඳහන් වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka