gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති ටිරාන්ගේ ඉල්ලීම මත ඕමාන ජාතික ආයෝජකයා රටින් නොයන්න තීරණය කරයි.. රැකියා දහස් ගණනක් නුලෙන් බේරෙයි..

Obaidani Apparels (Pvt) Ltd
ඕමාන ජාතික කටාන ඇඟලුම්හල් ආයෝජක කල්ෆාන් සෙයිඩ් ඔබේදාන්, කළමනාකරණ නියෝජිත යසීර් ලහීර් යන මහත්වරු සමග මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා අද(9)  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී  සාකච්ඡාවක් පැවැතිවිනි. මෙහිදී ටිරාන් අලස් මහතා ඕමාන් ආයෝජකයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට වග බලාගන්නා බවට පොරොන්දු විය.තවද මෙම සිද්ධිය සම්බන්ධව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ බවත්  
ආයෝජකයාගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට උපදෙස් ජනාධිපතිවරයාගෙන් ලැබුණු බවද මෙහිදී ටිරාන් අලස් මහතා ඕමාන් ජාතික ආයෝජකයාට දැනුම් දුන්නේය.

තම ආරක්ෂාව තහවුරු කිරීම පිලිබඳව හා මෙම සිදුවීම කෙරෙහි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීම පිළිබඳව  සිය ස්තුතිය පුද කරන බව ඕමාන ජාතික ආයෝජකයා පැවසීය. 

ශ්‍රී ලංකාව හැරනොයන බව තීරණය අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග පැවති සාකච්ඡාවෙන් පසු තීරණය කලබව ආයෝජකයා අවධාරණය කලේය.

තවද කිසිවිටකත්  ශ්‍රීලංකාව හැර නොයන බවට සහතික වනබවත් මෙම ඇගලුම් කර්මාන්තශාලාව කටාන ප්‍රදේශයේම පවත්වාගෙන යනවාද නැතිනම් වෙනත් ප්‍රදේශයකට ගෙනයනවාද යන්න පිලිබදව  
තම පවුල සමග සකච්ඡා කර තීරණය කරන බවත් ආයෝජකයා   ප්‍රකාශ කළේය.

- අකිල තෙන්නකෝන්





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka