gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහා කරුංකා ජාවාරමක් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරයි! දැනටමත් කන්ටේනර 39ක් වරායේ! පිටිපස්සේ ඉන්න ජාවාරම්කාර මහමොළකාරයා කව්ද? (VIDEO)

නීති කඩකර ප්‍රතිඅපනයනය කරන කරුංකා ජාවාරමක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරයි. පුවක් වගාව මේ රටේ දහස් සංඛ්‍යාත ජනතාවක් ආදායම් ලබන ක්‍රියාදාමයක් වන බවත් වසරකට මෙට්‍රික් ටොන් 20000ක් නිෂ්පාදනය කරන බවත් ඉන් මෙට්‍රික් ටොන් 4000ක් පමණ අපනයනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉන්දීය ශ්‍රි ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා අයිතම 4000ක් ඉන්දීය වෙළෙඳ පොළට අපනයනය කිරීමේ හැකියාව තිබෙන බවත් ඒ සඳහා ප්‍රභව ස්ථාන සහතිකයක් ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉන්දුනීසියාවෙන් සහ වෙනත් රටවලින් කරුංකා ආනයනය කර අගය එකතු කිරීමකින් තොරව ප්‍රතිඅපනයනය කිරීමක් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී අවධාරණයට ලක් කළේය.
 
මේ නිසා දේශීය නිෂ්පාදනකයන්ට බරපතල අසාධාරණයක් සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් මෙසේ ප්‍රමිතියකින් තොරව අපනයනය කිරීමෙන් අප රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ බැල්ක් ලිස්ට් විය හැකි බවත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka