gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිනුවන්ගොඩ ඉඩම් ඇල්ලුවේ නෑ.. කුඩු තිප්පලක් වූ තැනක් සංවර්ධනය කරන්න පටන් ගත්තා - ප‍්‍රසන්න

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක් ලෙස භාවිතා කළ ඉඩමක් අත්පත් කරගැනීමක් සිදු කල බවට සමාජ ජාලාවල පලවන වාර්තා සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරයි.

පන්සිල්ගොඩ සිද්ධිය සම්බන්ධ කරුණු පැහැදිලි කිරීම.

මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ක්‍රීඩාපිටියක් ලෙස භාවිතා කළ ඉඩමක් ම විසින් අත්පත් කර ගැනීමේ උත්සාහයක් ඇති බවටත් ඊයේ (25) එම ස්ථානයේ සිදු වූ සිදුවීමක් පදනම් කර ගනිමින් ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුර සම්බන්ධවයි.

මෙම ඉඩම පෞද්ගලිකව මට අයත් එකක් නොවන අතර එය අයත්ව ඇත්තේ රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදලටයි. රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදල යනු පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාපිත මණ්ඩලයකි. එය ප්‍ර දේශයේ සමාජ සුබ සාධන කටයුතු සඳහා පිහිටුවා ගත්තකි.

අදාළ ඉඩමේ මීට පෙර රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ මැදිහත්වීමෙන් රජයේ හා කොරියානු ආධාර යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අතර එය වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක විය.

මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන කාලයේ දී ප්‍ර දේශයේ ඇතැම් පුද්ගලයන් විසින් විවිධ ගැටළු ඇති කළ අතර මේ නිසා මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු වලට ද බාධා එල්ල විය.

මේ හේතුවෙන් වෘත්තීය පුහුණු අධිකාරිය පන්සිල්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වසා දැමු අතර ඒ සඳහා රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදල මගින් කොරියානු ආධාර යටතේ ඉදිකළ තනිමහල් ගොඩනැගිල්ල ද අතහැර දැමිණ. කොරියානු ආධාර යටතේ මෙම මධ්‍යස්ථානයට ලැබී තිබු පුහුණු උපකරණ උඩුගම්පල සෙනරත් පරණවිතාන පාසලට හා අවට පාසල් වලට ප්‍රදානය කෙරුණි.
 
මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වසා දැමීමෙන් පසු ගොඩනැගිලි ගරා වැටුණු අතර විවිධ අපචාර ක්‍රියා සඳහා මෙම ස්ථානය භාවිතා වන බවට පැමිණිලි ලැබිණ. කුඩු තිප්පලක් ලෙස ද මෙම ස්ථානය භාවිතා කරන බවට පැමිණිලි ලැබුණේ ද ප්‍ර දේශවාසීන්ගෙනි. ඒ අනුව රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ භාරකාර මණ්ඩලය එම ඉඩම සංවර්ධනය කිරීමට තීරණය කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගැණින.

මෙම  සංවර්ධන කටයුතු නතර කරන ලෙස ගම්වාසීන් මා වෙත පැමිණිලි කළ අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා එම ස්ථානයට ගිය මගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හා වෙනත් නිළධාරියෙකු සමඟ ප්‍ර දේශවාසීන් බහින් බස් වීමක් ඇති කරගෙන තිබේ. එම බහින්බස් වීම ආරවුලක් දක්වා වර්ධනය වී ඇත්තේ ද ප්‍ර දේශවාසීන් කිපදෙනෙකුගේ මැදිහත්වීම නිසාය.
 
මේ වන විට මෙම සිද්ධිය පදනම් කරගනිමින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් මට අපහාස කිරීමට පටන් ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මට හා රෙජී රණතුංග ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට නැගෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමි.

මේ සම්බන්ධයෙන් නීතිය මගින් සාධාරණය අපේක්ෂා කරමි.

ප්‍රසන්න රණතුංග
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka