gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

24ට ආණ්ඩුව බයවෙයි! 113 හොයන්න මහා මෙහෙයුමක්! බැසිල්වත් රටින් ගෙන්වයි! ඉරි තුනේ නියෝග ගහයි! මහින්ද-නාමල් රහස් සාකච්ඡාවක!

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වෙනුවෙන් ලබන බදාදා (24) පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම ඉතා තීරණාත්මක එකක් බවට මේ වන විට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ, ජනක රත්නායක මහතා තනතුරෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය 113ක බහුතර ඡන්ද සංඛ්‍යාව ලබාගැනීමේ අභියෝගයට මේ වන විට ආණ්ඩුව මුහුණ දී සිටින නිසාය.
ආණ්ඩුවේ 120ටම ඉරි තුනේ නියෝගය

මේ වන විට ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 120කගේ බහුතරය තිබුණද, දැනටමත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 10 දෙනකු විදෙස්ගතව සිටීම නිසා ඉතිරිව ඇත්තේ මන්ත්‍රීවරුන් 110ක පිරිසක් පමණි.
මේ හේතුව මත ආණ්ඩු පක්ෂයේ කිසිදු මැති ඇමැතිවරයකුට විදෙස්ගත වීම තහනම් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

මීට අමතරව දැනට විදෙස්ගතව සිටින ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන් වහාම ලංකාවට කැඳවීමටද ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් ලබන 24 වැනි දින ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි විය යුතු බවට ‘ඉරි තුනේ නියෝගයක්’ නිකුත් කිරීමටද පියවර ගෙන ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ඉරි තුනේ නියෝගයක් නිකුත් කෙරෙන්නේ අයවැය ඡන්ද විමසීමකදී පමණි.

ඊට අමතරව විපක්ෂයේ සිටින දෙමළ සහ මුස්ලිම් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ආණ්ඩුවට ලබාගැනීමේ මෙහෙයුම පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වන නිමල් ලන්සා මහතා වෙත පැවරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.

ඒ ආකාරයට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහාය මෙම යෝජනාවට ලබාගැනීම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත භාරදීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

මේ අතරවාරයේ ජනක රත්නායක මහතාට හිතවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 20 දෙනකුට ආසන්න පිරිසක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මුණගැසී මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදිය නොහැකි බවට ප්‍රකාශ කිරීමත් සමග තත්ත්වය තවත් උණුසුම් වී ඇති ආකාරයක් දැනගන්නට ඇත. එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ජනක රත්නායක මහතා ජනතාවගේ පාර්ශ්වයේ සිට විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සටන් කළ අයකු වීමත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රත්නායක මහතා එම තනතුරට පත්කිරීමත් නිසා ඔහුට එරෙහිව ඡන්දය භාවිත කළ නොහැකි බවකි.

මෙම තත්ත්වය යටතේ ජනක රත්නායක මහතාට එරෙහිව 113ක බහුතරය සකස් කරගැනීම සඳහා දැනට ඩුබායි බලා පිටත්ව ගොස් සිටින බැසිල් රාජපක්ෂ මහතාද යළි ලංකාවට කැඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතරවාරයේ ලබන බදාදා (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදය සහ ඡන්ද විමසීම දැකබලා ගැනීමට තමන්ට සහ තම දරු දෙදෙනාට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ජනක රත්නායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත පසුගිය 15 වැනිදා ලිපියක්ද යොමුකොට තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka