gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොමිසමේ සභාපති ජනක ජනතාවගේ පැත්තේ සිට යළි විදුලිබල මණ්ඩලයට චැලෙන්ජ් කරයි! බොරු කියලා 66%කින් වැඩි කළා! 3%ක මිල අඩුකිරීමේ යෝජනාව පිළිගන්න බෑ! දැන් 27%කින් විදුලි බිල අඩු කරන්න! අඩු කරන විදිහත් කියලා දෙයි!

සියයට 27ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අවධාරණය කළේ ය. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය නිවැරැදි වියදම් දත්ත වසන්කරමින් සියයට 3කින් පමණක් ගාස්තු අඩුකිරීම සදහා යෝජනා ඉදිරිපත් කර තිබේ. සැබෑ පිරිවැය අඩුවීමට සාපේක්ෂව විදුලි ගාස්තු අඩුකිරීම සදහා නිවැරැදි දත්ත ඉදිරිපත්කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා යවා ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.

“මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 66කින් ගාස්තු වැඩි කලේ ව්‍යාජ දත්ත පෙන්වලා. ඒ අවස්ථාවේ ගාස්තු වැඩිකල යුතු ව තිබුණේ සියයට 35කින් පමණයි. අපි ඒ අවස්ථාවේ පෙන්වා දුන්නා ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තු කර ඇති ගිගා වොට් 16,550ක විදුලි ඉල්ලුම වැරැදි බව. අපේ ඇස්තමේන්තුව වුනේ මේ වසරේ විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 15,050කට පමණ සීමා වන බව. අප්‍රේල් මාසය වන ලංවිම තේරුම් ගත්තා අපේ ඇස්තමේන්තුව නිවැරැදි බවත් ඔවුන්ගේ ඉල්ලුම අධිතක්සේරුවක් බවත්. ඒ අනුව ඔවුන් ලිඛිතව ම දන්වා එව්වා වසරේ ඉදිරි කාලය සදහා ඇස්තමේන්තු කල ඉල්ලුම ගිගා වොට් පැය 15,264ක් බව”

තම ඇස්තමේන්තු අනුව විදුලි ගාස්තු සකසා ක්‍රියාත්මක කළානම් විදුලි පාරිභෝගිකයින් අද මුහුණ පා සිටින තත්වය උදා නොවන බව ද ජනක රත්නායක් මහතා පෙන්වා දේ.

“ විදුලි ඉල්ලුම අඩුවීමට සාපේක්ෂව විදුලිය සැපයීම සදහා වැයවන වියදම ද අඩු විය යුතු ය. 2023 ජුලි සිට දෙසැම්බර් දක්වා කාලය සදහා ලංවිම මුලින් ඇස්තමේන්තු කලේ රුපියල් බිලියන 392 වියදමක්. නමුත් ලංවිම දැන් කියනවා ඉදිරි මාස 6 සදහා වැය වන්නේ රුපියල් බිලියන 285ක් බව. ඒ අනුව විදුලිය සැපයීමේ සැබෑ වියදම රුපියල් බිලියන 107කින් පමණ අඩු වන බව අපේ ගණනය කිරීමයි. එහෙම නම් ඉදිරි කාලය සදහා විදුලි ගාස්තුව සමස්තයක් විදියට සියයට 27කින් වත් අඩු කල යුතු ය. එහෙම නැතිව ව්‍යාජ දත්ත මත පදනම් වෙලා පාරිභෝගික කාණ්ඩ සීමිත සංඛ්‍යාවක් සදහා පමණක් සියයට 3ක පමණ ගාස්තු අඩුකිරීමෙන් සියළු විදුලි පාරිභෝගිකයින්ට සාධාරණයක් ඉටු වන්නේ නැහැ. ඒ වගේම විදුලිබල මණ්ඩලයට අපේක්ෂා කරන ආදායම් වැඩිවීම සිදුවන්නේත් නැහැ.”
විදුලි ගාස්තු සංශෝධනයේදී යෝජනා ඉදිරිපත් කල යුත්තේ ශ්‍රී ලංකා විදුලිබල පනත ප්‍රකාරව අනුමත කර ඇති ගාස්තු ක්‍රමවේදයට (සමීකරණයට) අනුකූලව ය. එම ක්‍රමවේදයට අනුව විදුලිය සැපයීම සදහා වැය වන සාධාරණ වියදම පමණක් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගත හැකියි. එහෙත් ලංවිම ලබාගන්නා ණය පවා විදුලි පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට යෝජනා ඇතුළත් කර අනුමත ක්‍රමවේදයට පටහැනිව මෙවරද ගාස්තු සංශෝධන යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සහා දරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දුන්නේ ය.
“ගාස්තු ක්‍රමවේදයට අනුව සියලු දත්ත නිවැරැදිව ඉදිරිපත් කළ යුතුයි. පාරිභෝගිකයාගෙන් අයකරගත හැකි අනුමත වියදම් පමණක් සමස්ත වියදමට ඇතුළත් කල හැකියි. නමුත් මේ යෝජනාවද අනුමත ක්‍රමවේදය යටතේ ඉදිරිපත් කල යුතු දත්ත සමග ඉදිරිපත් කර නැහැ. පිරිවැය මත පදනම් ව ගාස්තු ගණනය කිරීමේ දී සැබෑ සහ අවම වියදම අයකරගන්නා අකාරයෙන් ගාස්තු සකස් කල යුතු ය. උදාහරණයක් ලෙස නැප්තා ලීටරයක වෙළදපොල මිල රුපියල් 220ක් වුවත් කැළණිතිස්ස බලාගාරය සදහා මිලදී ගන්නා නැප්තා ලීටරයක මිල රුපියල් 266ක් ලෙස ගණනය කර තිබෙනවා. එවිට ඒකකය පිරිවැය රුපියල් 69යි ශත 53ක්. එපමණක් නෙවෙයි මේ බලාගාරය ඩීසල් වලින් ජනනය කලොත් ඒකකය රුපියල් 68 ශත 14ට ඒකක වියදම අඩුවෙනවා. නමුත් බලාගාරය සදහා ඇස්තමේන්තු කර ඇත්තේ නැප්තා භාවිත කරන පදනම මත. මේ ආකාරය අධික වියදම මත විදුලි ගාස්තු ගණනය කිරීම විදුලිබල පනතට පටහැනියි. මේ ව්‍යාකූල දත්ත පිළිබද නිවැරැදි තොරතුරු එවැන්නැයි ලංවිමට දන්වා තිබෙනවා”
බිද වැටී ඇති ආර්ථිකය කඩිනමින් සක්‍රිය කිරීම සදහා බලශක්ති සැපයුමේ දී විශාල මෙහෙයක් ඉටු කල හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
“ඉංධන. විදුලිය සදහා අධික බරක් දරන්නට වන විට එය සාමාන්‍ය පාරිභෝගිකයාට පමණක් නොව කර්මාන්ත කරුවාටද දැඩිව බලපානවා. අධික ඉන්ධන මිල නිසා ඉංධන ඉල්ලුම අඩු වුණා. අධික විදුලි ගාස්තු නිසා විදුලි ඉල්ලුම අඩු වෙලා තිබෙනවා. බලශක්තිය සාධාරණ මිලකට ලබාදී ආර්ථිකයට අසීමිත ජවයක් ලබා දිය යුතුයි. මිල සාධාරණ ලෙස පහල දැමිය යුතු යි. එය වහා කල යුතු යි. ලෝක වෙළද පොලේ ඉංධන මිල පහල ගොස් තිබෙනවා. විනිමය අනුපාතිකය පසුගිය වසර වඩා යහපත්. ඊට ප්‍රතිචාරීව සාධාරණ ලෙස ජනතාවට සහන සැලසීමට අවස්ථාව ලැබී තිබෙන හෙයින් බලශක්ති මිල ගණන් සැබෑ වියදම මත පදනම්ව අඩු කල යුතුයි. දැනට ලංවිම ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාවට අදාල අත්‍යවශ්‍ය තොරතුරු ඉදිරිපත් කල පසු ගාස්තු සංශෝධන යෝජනාව පිළිබද අපි මහජන උපදේශනයක් පවත්වා ජනතාව අදහස් ද පදනම් ව අවසන් තීරණය ගැනීමට සැළසුම් කර තිබෙනවා”

ජනක රත්නායක
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka