ඇඟලුම් යනු ශ්‍රී ලංකාවේ විශාලතම කාර්මික අපනයනය වන අතර 2022 දී ඩොලර් බිලියන 5.95ක් උපයා ඇති නමුත් 2023 පළමු කාර්තුවේ රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය ඩොලර් බිලියන 1.3 දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි.
එය 13.8%ක පහත වැටීමකි.
මාර්තු මාසයේදී අපනයනය වසර තුනකින් අඩුම අගය සටහන් කළ බව කර්මාන්තයේ ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) මහ ලේකම් යොහාන් ලෝරන්ස් පැවසීය.
“අපි දැන් දකින ඉල්ලුමේ මන්දගාමිත්වය අනුව, මේ වසරේ අපනයන ඩොලර් බිලියන 1 ක අඩුවීම අසාධාරණ නොවේ,” ඔහු රොයිටර් වෙත පවසා තිබිණ.
රටේ විශාලතම ගැනුම්කරු වන එක්සත් ජනපදය වෙත නැව්ගත කිරීම් පළමු කාර්තුවේදී ඩොලර් මිලියන 470 දක්වා 22% කින් පහත වැටී ඇත.
නවතම JAAF දත්ත වලට අනුව, යුරෝපීය සංගමයට අපනයන 13% කින්, එනම් ඩොලර් මිලියන 344 දක්වා පහත වැටී ඇති අතර එක්සත් රාජධානියට පළමු කාර්තුවේ අපනයන 10%කින් එනම්, ඩොලර් මිලියන 167.7 දක්වා අඩු වී ඇත.