කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 4ක් වන, SHALIMAR (MALAY) PLC, SELINSING PLC, GOOD HOPE PLC සහ INDO MALAY PLC යන සමාගම්, කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. මෙම සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන කාර්සන්ස් සමූහයට අයත් සමාගම් වේ.
අද (17) දින මෙම සමාගම් හතරෙහි පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල දී මෙම තීරණ ගෙන තිබේ.
මෙම සමාගම් හතරෙහිම ප්‍රධාන කොටස්කරුවා වන්නේ Goodhope Asia Holdings Ltd සමාගමයි. එහිදී,
SHALIMAR (MALAY) PLC – 83.20% ක්,
SELINSING PLC – 95.68% ක්,
GOOD HOPE PLC – 90.91% ක්,
INDO MALAY PLC – 87.14% ක්,
ලෙසින් වන පරිදි එම සමාගම් හතරෙහි බහුතර කොටස් හිමිකාරීත්වය Goodhope Asia Holdings Ltd සතුව පවතී.
ඒ අනුව මෙම සමාගම් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වන අවස්ථාවේ දී එහි සුළුපරිමාණ කොටස්කරුවන් සතු කොටස් සියල්ල මිල දී ගැනීමට Goodhope Asia Holdings Ltd සැලසුම් කර ඇත.
මෙම සමාගම් හතර, පාම් ඔයිල් කර්මාන්තයේ නිරත සමාගම් වන අතර ඒවායේ වතු, මැලේසියාවේ පිහිටා තිබේ.