gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිවරු ඇතුළු දේශපාලකයින් 39ක් ගොනු කර තිබූ මැයි 09 නඩුව ඉල්ලා අස්කර ගනී!

පසුගිය වසරේ මැයි මස 09 වන දා සිදුවූ දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්නිගේ නිවාස දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු මැති ඇමැතිවරු සහ දේශපාලකයින් 39 විසින් අභියාචනාධිකරණය හමුවේ ගොණු කර තිබුණු පෙත්සම අද (22) ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.

සුගිය වසරේ මැයි මස 09 වැනිදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ.

ඒ අනුව එම කරුණ සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන බව පවසමින් උක්ත පෙත්සම ඉල්ලා අස්කර ගැනුණා.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා එම ඉල්ලීම අභියාචනාධිකරණය හමුවේ සිදුකළ අතර නීතියේ ප්‍රතිපාදන මත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දී තිබුණා.

එම ඉල්ලීමට අදාළ පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ වී තිබුණේ නඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු වන බවට කරුණු දක්වමින්.

උක්ත පෙත්සම ගොණු කර තිබුණේ සිද්ධිය සම්බන්ධ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව පදනම් කරගෙනයි.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ඇතුලු කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙසයි පෙත්සම ගොණු කර තිබුණේ.

මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වගවීම සම්බන්ධයෙන් වැඩිවශයෙන් දක්වා තිබුණා.

තත්ත්වය එසේ පැවතියද අද දින මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැක්වූ කරුණු දැක්වීම මත එම පෙත්සම ඉල්ලා අස්කර ගැනුණු අතර එතරම් බරපතල කාරණයක් සම්බන්ධයෙන් කමිටු නිර්දේශ පවා තිබියදී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවට කළ ප්‍රකාශය ගැන පෙත්සම්කාර පාර්ශවය සෑහීමකට පත්වීම ගැන වග උත්තරකාර පාර්ශ්වය මවිතය පළකර සිටිනවා.

ඒ අනුව කරන්නාගොඩ වාර්තාව සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයට විශ්වාසයක් නොමැති බව පෙන්නුම්කරන්නේද යන කාරණය මතුවන බවයි වග උත්තරකාර පාර්ශ්වය නඩුව ඉල්ලා අස්කරගැනීම සම්බන්ධයෙන් පශ්චාත් තත්ත්වය මත පවසන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka