ඇඟලුම් කර්මාන්ත ශාලා වෙත ලැබෙන ඇනවුම් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ඒවා බොහෝමයක් වැසීයමින් ඇතැයි ඇගළුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංසදය සඳහන් කරයි. ඇමරිකාව ඇතුළු යුරෝපා රටවලින් ලැබෙන ඇඟලුම් ඇණැවුම් ප්‍රමාණය අඩු වී ඇති බවත් ඊට හේතු වී ඇත්තේ ගෝලීය වශයෙන් ඇති වී තිබුණු උද්ධමනකාරී තත්ත්වය බවත් ඔවුන් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය මත ඇගලුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑම බරපතළ ගැටලුවක් වී ඇති වුවත් බව පවසන එම සංසදයේ සභාපති වරයා දැනට ලැබී ඇති ඇනවුම් ප්‍රමාණවත් වන්නේ මාස දෙකකට පමණක් බවත් කියා සිටියි.
කෙසේ නමුත් එළඹෙන සැප්තැම්බර් මාසයෙන් පසුව නැවතත් ඇණවුම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසූ ඔහු මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව බංග්ලාදේශය, වියට්නාමය, කාම්බෝජය, චීනය වැනි රටවල ඇගලුම් කර්මාන්තයට දැඩිව බලපා ඇතැයි ද කියා සිටියේය.
මේ අතර අයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ දැනට මෙරටට ලැබෙන ඇගළුම් ඇනවුම් වලින් 18% ක් පමණ අඩු වී ඇති බවයි.
ගතවූ මාස කිහිපය තුළ මෙරට ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලා තුනක් හා එවැනිම ආයතන දෙකක කර්මාන්තශාලා දෙක බැගින් හා තවත් ආයතන තුනක කර්මාන්තශාලාද තාවකාලිකව වසා දමා ඇත.
එසේ කර්මාන්තශාලා දහයකට ආසන්න ප්‍රමාණයක් තාවකාලිකව වසා දැමීමෙන් එහි සේවය කළ පන් දහසකට ආසන්න පිරිසක් හා ඒ ආශ්‍රිතව ආදායම් උපයා ගෙන ජීවත්වූ පිරිසකට සිය ආදායම් මාර්ග අහිමි වී ඇත.