gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොරපාරෙන් සකස් කරන්නට ගිය තැරැව්කරුවන් 09ක් අල්ලයි

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල  පුද්ගලයින්ගෙන්  මුදල් ලබාගෙන  විදේශ ගමන් බලපත්‍ර  නිකුත් කිරීම සිදුකරන්නට ගිය තැරැව්කරුවන් 09 දෙනෙකු අද උදෑසන වන විට ශ්‍රිලංකා පොලිස් බුද්ධි අංශ මගින්  අත්අඩංගුවට ගෙන ඇත.ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග ප්‍රකාරවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ  ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණු අතර  මාධ්‍ය මගින්ද පෙන්වා දී තිබිණි.මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට ඊයේ දිනයේදී නියෝග කර ඇත.ඒ අනුව අද උදෑසන වනවිට මෙසේ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka