gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිවරුන් නෙලුම් මාවත පැත්ත පලාතේ නොයති... පොහොට්ටුව පාළුවට යයි

ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ගෙන් අති බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයට යාම නවතා දමා ඇති බව වාර්තා වෙයි. 
තනතුරු ලබා ගත් පසු පක්ෂ මූලස්ථානයට කිසිම දිනක නොගිය මැති ඇමතිවරුන් රැසක් ඒ අතර වෙයි.
 
ඇතමුන් තනතුරු ලබා ගැනීමෙන් පසුව මුල් කාලයේ දින දෙක තුනක් පක්ෂ මුලස්ථානයට ගිය ද ඉන් පසුව පැත්ත පලාතේ ගොඩවැදී නැත.
 
මින් බොහෝ දෙනෙකු පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතුවලින්ද ඉවත්ව සිටින අතර ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩි සබඳතාවක් පවත්වමින් සිටී.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමු සඳහා ද කිසිදු ඇමතිවරයෙකු සහභාගී නොවන තත්ත්වයක් උද්ගත වී තිබේ. එම මාධ්‍ය සඳහා නිතර සහභාගී වන කිහිප දෙනෙකු හැර වෙනත් සැලකිය යුතු මට්ටමක පුද්ගලයන් සහභාගි නොවීම මෑත කාලයේ දී දැක ගත හැකිය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka