gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාව කටුනායක ගුවන් තොටේදී ලංකාවේ නීතිය නැව්ව?

කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේදී (Transit Passenger Terminal) ගුවන්  තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් උණ්ඩ පිරවූ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගැණුන ඉන්දීය ගුවන්යානයක ආරක්ෂක නිලධාරීයා (Sky Marshall) අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය තුළ කතා බහක් ඇතිව ඇතැයි වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට පත්ව තිබුණේ කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා ඊයේ (06) දහවල් පිටත්ව යාමට නියමිතව තිබූ ඒ.අයි.-227 දරණ ඉන්දීය ගුවන්යානයේ සිටි ආරක්ෂක නිලධාරීයා (Sky Marshall) ය.

මොහු ඉන්දීය විශේෂ කාර්ය බලකායේ නිලධාරියකු බවද මේවන විට හෙළිව ඇත.එම සිද්ධිය හේතුවෙන් ගුවන්යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වීමකට ලක්ව තිබිණි.

සෑම ගුවන්යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරීවරයෙකු ගුවන්යානයේ මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස යොදවා සිටී.

එහිදී එම ආරක්ෂක නිලධාරීවරයාට පිස්තෝලයක් භාවිතා කිරීමට රාජකාරී වරප්‍රසාදයක් තිබුණද, එම අවිය ගුවන්යානයෙන් පිටතට ගෙනයාමට හැකියාවක් නොමැත.

ආරක්ෂක නිලධාරීවරයාට ගුවන්යානයෙන් පිටතටයාමට අවශ්‍ය වූ විට පිස්තෝලය ගුවන්යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත භාර දිය යුතුය.

මේ ආකාරයට ගිනි අවියක් සහිතව ගුවන්තොටුපළ තුළ දී අත්අඩංගුවට පත්වුවහොත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්කිරීම සිදු කළ යුතු අතර මීට පෙර ද මෙවැනිම සිදුවීම් කිහිපයක් පසුගිය මාසවලදී වාර්තා වී තිබේ.

එම සිදුවීම්වලදී ගුවන් ත‌ොටුපළ ආරක්ෂක අංශ විසින් අමෙරිකානු සහ රුසියානු ජාතිකයන් කිහිපදෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවුවද, මේ සිද්ධියේදී ඒලෙස නීතිය ක්‍රියාත්මක වී නොමැති අතර, දෙරටේ උසස් ආරක්ෂක ප්‍රධානීන් සහ තානාපතිකාර්යාල මැදිහත්වීමෙන් සිද්ධිය අධිකරණයට වාර්තා ‌නොකර ඉන්දීය විශේෂ කාර්යබලකායේ නිලධාරියකු මෙන්ම අදාළ ගුවන්යානයේ ආරක්ෂක නිලධාරියාව මුදාහැර ති‌බේ.

ඒ අනුව 05/06 දින දහවල් 01.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට තිබු ඒ.අයි.- 272 දරන ගුවන්යාන කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇත්තේ පස්වරු 05.35 ටය.

මේ පිළිබඳව ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු අනුව මේ වනවිට මෙම සිද්ධියට භාජනය වූ ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයාගේ සියලු උසස්වීම් අත්හිටුවා මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka