කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අවසර දුන්නාය.
කළුතර දකුණ, ඉසුරු උයන, අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රදවා තබාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලබාදෙන ලදී.
කළුතර දකුණ, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටීසිටීයදී සොයාගන්නා ලද කළුතර, නාගොඩ, 'සැනසුම', අංක 115 ලිපිනයේ පදිංචිව සිටී ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් ප්‍රධාන සැකකරුව, පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණය හමුවේ කරුණු වාර්තා විය.
සැකකරු එදින මියගොස් ඇති දැරිය සමග හෝටලයේ කාමර අංක 7 හි එකට මත්පැන් පානය කරමින් සිටී බවට අණාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
ඒ අනුව පරීක්ෂණ මෙතෙක් නිමකර නොමැති බැවින් ඉදිරි විමර්ශන සදහා පැය 24 ක් ප්‍රමාණවත් නොවන බවත් සදහන් කරමින් ඉදිරි පැය 48 ක් සදහා රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවට වෛද්‍ය වරයා නිගමනය කර ඇති බවත්, එය සියදිවි නසාගැනීමක් බවත් විත්තියේ නීතිඥ සරත් සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියාසිටි අතර ,සිය සේවාදායකයා පොලිසිය වෙත සියලු කරුණු වාර්තා කර තිබියදි රැදවුම් නියෝග ලබාගන්නේ මන්දැයි විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ සරත් කරවිට මහතා විමසා සිටියේය.
උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී. බණ්ඩාර මහතා කියා සිටියේ සැකකරු එදින මත්පැන් පානය කරසිටියේද යන්න සම්බන්දයෙන් රුධිර සාම්පලයක් ලබාගැනීම සහ තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බවයි.
සැකකරු අද දිනයේ අධිකරණ වෛද්‍ය වරයා හමුවට පමුණුවන්නේ දැයි රැදවුම් නියෝග නිකුත් කිරීමට පෙර, ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය පොලිසියෙන් විමසා සිටියේය.
උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදී. නඩුව ලබන මැයි 12 යලි කැදවීමට නියමිතයි. කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් දැඩි ආරක්ෂක රැකවල් යොදා සැකකරු අධිකරණ භූමියට රැගෙන එන ලදී.