gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

IMF කොන්දේසි අනුව නිදහස් වෙලදාමට ඉඩ.. ආනයන සීමා ඉවතට..

දැනට පනවා ඇති ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ මස අවසානයේදී තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. එහිදී මෙරට ආර්ථිකයට වැඩි උත්තේජනයක් ලබා දෙන භාණ්ඩ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා පැවසීය.මේ පිළිබඳ සියලු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු විවෘත වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තීරණවලට එළඹෙන බව ද හෙතෙම සදහන් කලේය.

ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව මෙම කටයුත්ත සිදු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද මෑතක දී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ජූනි මස අග පමණ අග සිට දැනට පනවා තිබෙන ආනයන සීමා ක්‍රමිකව ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka