gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවෙන් මළ සිරුරු 14ක් සොයා ගනී…

02ක් ගොඩ ගනී... 12ක් දැඩිව නරක් වෙලා... මළ සිරුරු සිරවුන තැන් සිතියම්ගත කර නෞකා සමාගමට භාර දෙයි... ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී පසුගිය මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාවේ තිබූ මළ සිරුරු 14ක් සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කණ්ඩායමට හැකි වී තිබිණි.මුහුදේදී ආපදාවට පත් නෞකා සහ යාත්‍රාවන්හි නාවිකයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා සම්මත කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් වෙත ශ්‍රී ලංකාවේ ඇති බැඳීමට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ද සමඟ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කර තිබිනි.

ආපදාවට පත් යාත්‍රාව උඩු යටිකුරු වී පෙරළී තිබිණි.     එම මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය, මුහුදු ජලයේ දුර්වල දෘශ්‍යතාවය සහ විසිරුණු ධීවර ආම්පන්න මධ්‍යයේ දින තුනක් (03) පුරා ඉතා අසීරු කිමිදුම් මෙහෙයුමක් සිදුකරමින් ධීවර යාත්‍රාවේ කපිතාන් වරයාගේ මැදිරියෙන් සහ නවාතැන් මැදිරි ප්‍රදේශයෙන් මළ සිරුරු දෙකක් (02) සොයාගත් නාවික හමුදාව, එම මළසිරුරු පාර්ශ්වයන් අතර විධිමත් එකඟතාවයකට අනුව එම ස්ථානයේ තිබූ De Tian නම් චීන ටග් යාත්‍රාව වෙත භාරදීම සිදු කර ඇත.

එමෙන්ම, ධීවර යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ නවාතැන් ගන්නා කාමර තුළ සහ අනෙකුත් මැදිරි තුළ නරක් වූ මළසිරුරු දොළහක් (12) නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් හඳුනා ගනු ලැබුවද, එම මළසිරුරු වල නරක් වූ ස්වභාවය සහ ඒවා ගොඩගැනීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් හට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමින්, එම මළ සිරුරු දොළහ (12) ඇති ස්ථාන සිතියම් ගතකර   එම තොරතුරු සහ සිතියම් මෙන්ම ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබඳවත්, අනතුරට පත් ධීවර යාත්‍රාවට ආරක්ෂිතව කිමිදුම්කරුවන්ට ඇතුළු විය හැකි සහ පිටවිය හැකි පිවිසුම් පිළිබඳවත් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක්, ‘MV SHANDONG DE LONG’ නමැති චීන කිමිදුම්කරුවන් රැගෙන එම ස්ථානයට ලඟාවූ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කිමිදුම් කණ්ඩායමට  ඊයේ (23) ලබා දී තිබේ.


 



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka