ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ වෘත්තීය සමිති අතර හමුවක් ඊයේ පැවැත්විණ. මෙහිදී දැනට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල දැනුවත් කිරීමට වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.
මේ ආකාරයට මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් ලංකාවට පැමිණෙන බවත්, වෘත්තීය සමිති නියෝජිතයන් හමුවීමට අවස්ථාවක් ලබා දී ඇති බවත් මීට මාසයකට පමණ ප්‍රථම අප විසින් රටට අනාවරණය කරනු ලැබ තිබිණ.