gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙම් හබයක් දුරදිග යයි… එක්දරු මවකට වෙඩි තබා මරා වෙඩි තබාගෙන සියදිවි නසාගනී..

වවුනියාව, නීලියාමොටෙයි ප්‍රදේශයේදී තරුණයෙකුගේ සහ එක්දරු මවකගේ වෙඩිවැදීමෙන් මිය ගිය සිරුරු දෙකක් (13) දින සොයාගත් බවට පරයානන්කුලම් පොලීසිය පවසයි. අදාල මළසිරුරු පරික්ෂා කරන ලද පොලීසිය සැකපලකර සිටියේ මිය ගොස් සිටින තරුණයා විසින් එක්දරු මවට වෙඩිතබා තරුණයාද වෙඩිතබාගෙන සියදිවිහානිකරගෙන ඇති බවටයි.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂා ධීවර කර්මාන්තයේ නිරත වීම සඳහා රාත්‍රියේ නිවසින් පිටව ගොස් 13 පෙරවරුවේ නිවසට පැමිණි අවස්ථාවේ සිය බිරිඳ මියගොස් සිටිනු දැක ඒ පිළිබඳ පොලිසියට දැනුම් දෙනු ලැබීය.

පසුව පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ පරික්ෂණ සිදුකිරීමෙන් පසුව වෙඩිතැබීම සිදුකරන ලද පුද්ගලයා සොයා පරික්ෂණ සිදුකිරීමේදී අදාල තරුණයාද පදිංචිව සිටි ප්‍රදේශයේ හින්දු කෝවිලක් ඉදිරිපිටදී වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන සිටියදී මළසිරුර පොලීසිය විසින් සොයාගනු ලැබීය.

අදාල මරණයන් පිළිබව පරික්ෂණ සිදුකරනු ලැබූ පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත්තේ මේ වන විට සැකකාර තරුණයා සහ එක්දරු මව විවාහ වීමට පෙර ප්‍රේම සම්බන්ධතාවක් පැවති අතර පසුව කාන්තාව විවාහ වීමෙන් පසුව ඇය මෙම තරුණයාගෙ සම්බන්ධතාවය නැවත්වීම හේතුවෙන් තරුණයා විසින් අදාල කාන්තාවට නිතර කරදර කර ඇති බවටය.
කෙසේ වෙතත් මෙම කාන්තාව දිගින් දිගටම තරුණයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයට පත් තරුණයා විසින් ගිනිඅවියක් ගෙන මෙම කාන්තාවගේ නිවසට පැමිණ වෙඩිතබා කාන්තාව ඝාතනය කොට පසුව මෙම තරුණයාද වෙඩිතබා ගනිමින් සියදිවි හානිකරගෙන ඇති බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka