කළුතර සිසුවියගේ මරණයට පොලිස්පති මැදිහත් වෙයි! වහාම CIDයට ලියුමක් යවයි!
සමාජයේ මහත් ආන්දෝලනයට තුඩු දී ඇති කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර ගන්නා ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ ප්‍රධානි, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.
ඊට මුල් වී ඇත්තේ මේ මරණය සම්බන්ධ විමර්ශන පුළුල් සහ විනිවිද භාවයෙන් යුක්තව සිදු කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට පැන නැඟී ඇති බැවින්යැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය. මේ මරණය හා සම්බන්ධ මෙතෙක් විමර්ශනයට ලක් නොවූ පැතිකඩ කිහිපයක් විමර්ශනය කිරීම කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයද පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති බව සඳහන්ය.
ඊට මුල් වී ඇත්තේ මේ මරණය සම්බන්ධ විමර්ශන පුළුල් සහ විනිවිද භාවයෙන් යුක්තව සිදු කිරීමේ අවශ්‍යතාවක් මේ වන විට පැන නැඟී ඇති බැවින්යැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය. මේ මරණය හා සම්බන්ධ මෙතෙක් විමර්ශනයට ලක් නොවූ පැතිකඩ කිහිපයක් විමර්ශනය කිරීම කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානයද පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති බව සඳහන්ය.
කළුතර සිසුවියගේ මරණයට පොලිස්පති මැදිහත් වෙයි! වහාම CIDයට ලියුමක් යවයි!
2023-05-12T09:21:00+05:30
Lanka Hot News