gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බන්දුල ඇමති උත්සව තියලා දුන්න එක දවසේ බස් එක! පෙරේදා දුන්නා… ඊයේ නැවතුනා!

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන  ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 09 වෙනිදා සවස වැලිකන්ද ගල්තලාව, රිදීපොකුණ, අලුත්වැව, ගිනිදමන, නෙළුම්වැව, බොරවැව යන දුෂ්හකර ගම්මානවල පාසල් දරුවන්ට පොළොන්නරුව දක්වා ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා පොළොන්නරු ඩිපෝව වෙන් කරන ලද ලංගම බස් රථය පසුවදා සිටම නතර කර දමා ඇති බව වාර්තා වේ.

ඉන්දීය රජයේ ණය පහසුකම යටතේ ලබාදුන් බස්රථ පන්සියයෙන් බස්රථ දාසයක් පොළොන්නරු ඩිපෝවට ලබාදිමෙන් පසු ඉන්  එක් බස් රථයක් දහවෙනිදා සිට වැලිකන්ද අලුත්වැව ප්‍රදේශයේ ගම්මාන හතක දරුවන් පොළොන්නරුවේ ප්‍රධාන පාසල් සඳහා ප්‍රවාහනය කිරීමට ලබා දි තිබුණේ ප්‍රවාහන ඇමති  බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම,යන මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය (09) අලුත්වැව ගම්මානයේ පැවති උත්සවයකදී ය.
 
එහෙත්  පෙරේදා (10)  උදේ  පමණක් එම ගම්මාන හතේ දරුවන් අලුත් බස් රථයෙන්  පාසල් ගිය බවත්  ගියා මිස යළිත් ඒ බස් රථය තවමත් නොපැමිණී බවත් මේ බව කළ විමසීමක දී ගම්මු සඳහන් කළහ.

ගැමියන් කියන්නේ තම ගම්මාන හතේ දරුවන් සඳහා අලුත් බස් රථයක් වෙන් කර දීමත් සමග  දරුවන් පෞද්ගලික ප්‍රවාහන සේවාවලින් ඉවත් කරගත් බවය.

මේ වන විට පෞද්ගලික බස්රථ වලටත් තම දරුවන් භාර නොගන්නා බවත්, වෙනත් ලංගම බස් රථයක් අදාල මාර්ගවල ගමන් නොකිරීමෙන් තම දරුවන්  තුන්සියකට  වැඩි ප්‍රමාණයක් පොළොන්නරුවෙ පාසල්වලට යෑමට ප්‍රවාහන දුෂ්කරතා මතු වී ඇති බවත් දෙමව්පියෝ කීහ.

අප මේ පිළිබඳව පොලොන්නරුව ලංගම ඩිපෝ අධිකාරි ඩී,ඒ. ප්‍රේමසිරිගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එය එතරම් විශාල ප්‍රශ්නයක් නොවන බවය.

සේවක හිගය නිසා අදාළ බස් රථය ධාවනය කිරීමට නොහැකි බවත්, මේ දිනවල බඳවා ගැනීම් සිදු නොවන නිසා   ඉදිරියේදී පාසල් දරුවන්ට බස්රථය ලබාදෙන බවත් ඩිපෝ අධිකාරීවරයා කීවේය,

පාසල් බස්රථය ලබාදීමේ උත්සවයට පැමිණි පොළොන්නරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ෙගෙන් සිදුකළ විමසීමකදී ඔහු පැවසුවේ බස්රථ දාසයක් ලැබුණද රියදුරන් අටදෙනෙකු නොමැති වීම නිසා එම බස්රථ 16 න් අටක්ම ඩිපෝවේ ගාල්කර තැබීමට සිදු වී තිබෙන බවය.

ලංකාසර



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka