gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිමල් සිරිපාල හිඟුරක්ගොඩ එයාර්පෝට් හදන්න යයි

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් බවට සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේල මේ තුළින් පොළොන්නරුවල සීගිරියල අනුරාධපුරයල දඹුල්ලල වැනි ස්ථාන නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට හැකි වන බවයි.

ඒ තුළින් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව අමාත්‍යවරයාගේ අදහසයි.

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ තුළ අවම වශයෙන් ් 330 ගුවන්යානා පියාසර කිරීම හා ගොඩබැස්වීමට අත්‍යවශ්‍ය ප්‍රධාන සංවර්ධන කටයුතු කීපයක් කඩිනමින් සිදුකළ යුතු බවත් ඒ සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා පැවසුවේය.

දැනට දිගින් මීටර් 2287ක් වන ධාවන පථය මීටර් 2800 ක් පමණ දිගු කිරීමල ගුවන් ධාවන පථයට පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම, ගුවන්යානා අංගනයක් ඉදිකිරීම, ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම, ගුවන් පාලක කුළුණක් ඉදිකිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම වැනි අත්‍යවශ්‍ය ඉදිකිරීම් සහ සේවා සිදුකිරීමට මේ යටතේ සිදු කෙරේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka