gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව ත්‍රස්ත විරෝධී පනත සමස්ථ පුරවැසි ප්‍රජාවම ත්‍රස්තවාදීන් කරන පනතක්… ඒ නිසාම සමස්ථ පුරවැසි ප්‍රජාවම එක්ව පරාජය කළ යුතු පනතක්… GMOA

රජය ගෙන ඒමට බලාපොරොත්තුවන ත්‍රස්ත විරෝධී  පනත මෙරට වෘත්තීය සමිති, ව්‍යාපාරික ප්‍රජාව, ආගමික නායකයින් , සිවිල් සංවිධාන ,ශිෂ්‍ය සංගම්, නීතීඥ ප්‍රජාව     සහ රටේ  සමස්ථ පුරවැසියන් ත්‍රස්තවාදීන් කරන පනතක් බැවින් මෙය වහාම පරාජය කළ යුතු යැයි වෘත්තියවේදීන්‌ගේ වෘත්තිය සමිතිඑකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  පවසයි.  ඔහු මේ බව පැවසුවේ  කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

“මේ වන විට හෙලිදරව් වී ඇති කරූණු අනුව මෙය තමයි ගෙන ඒමට යන  දරුණුතම  මර්දනකාරී පනත…  බරපතලම  පුරවැසි විරෝධි පනත…    මානවහිමිකම් බරපතල ලෙස උල්ලංඝනය වන පනත…  අප දන්න ඉතිහාසය තුළ  දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බරපතල ලෙස විරෝධතාවට ලක් වූ  පනත ලෙස මෙය විචාරකයින් හදුන්වා දී තිබෙන්නේ” යැයි වෛද්‍ය අලුත්ගේ පැවසුවේය.

විශේෂයෙන්ම නීතීඥ සංගමය‌  පවා පෙන්වාදී ඇත්තේ පරාදෘෂ්‍යභාවය පිලිබදව තඹදොයිතුවක්වත් මායිම්නොකර මෙම  කෙටුම්පත  හොර රහසේ ගෙන ආ පනතක් බවයි.

මේ මොහොතේ මෙවැනි  පනතක් ගෙන ඒමේ   අවශ්‍යතාව මොකක්ද?. ත්‍රස්තවාදින් නැගී සිටීම සමබ්න්ධයෙන්  බුද්ධි අංශයට තිබෙන  තොරතුරු කිසිවක් නොමැති බවත්  මේ පනතේ සැබෑ අවශ්‍යතාව වන්නේ උත්තර නැති පාලකයින්  මේ රටේ වෘත්තීය සමිති මර්ධනය සඳහා තෝරාගන්ාන මාවත  බවත් හෙතෙම කීවේය.

“මෙය ත්‍රස්තවාදීන් ඉල්ලක කර සෑදු පනත් නොවේ… . මේ රටේ සැබෑ වෘත්තීයවේදීන් සැබෑ වැඩකරන ජනතාව , සැබෑ සිවිල්ක්‍රියාකාරීන් මර්දනය කිරිම සදහා   ගෙන එන පනතක්… . මෙම පනත සමස්ත පුරවැසියන්ම එකතු වී  පරාජය කළ යුතුයි…”   වෛද්‍ය අලුත්ගේ අවධාරණය කළේය.

-ශ්‍රියානි විජේසිංහ
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka