මැරීන් ඩ්‍රයිව් එකේ SUV ජීප් රථයක් අහසේ ඉඟිල්ලවපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකරගේ පුත්‍රයා අත්අඩංගුවට!
පසුගියදා මැරීන් ඩ්‍රයිව්හිදී SUV ජීප් රථයක් වාහන දෙකක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
මෙම අනතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකරගේ පුත්‍රයා විසින් සිදු කළ අනතුරක් බවටයි වාර්තා වන්නේ.
මෙම අනතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකරගේ පුත්‍රයා විසින් සිදු කළ අනතුරක් බවටයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
CCTV දර්ශනවල සටහන් වූ මෙම අනතුර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද පැතිර ගියා.
ඒ අනුව වේගයෙන් පැමිණි SUV රථයක් බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේදී මාර්ග ඉදිකිරීම් කිහිපයක් මඟහැරීමට යාමේදී පාලනය කරගත නොහැකිව තවත් වාහන දෙකක ගැටෙන අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබුණා.
SUV රථයේ සිටි තරුණයින්ට බරපතල තුවාල කිසිවක් සිදු වී නැහැ.
කෙසේ වෙතත් මාර්ගයේ ගමන් ගත් ජීප් රථයට සහ වාහන දෙකකට දැඩි හානි සිදුව තිබෙනවා.
අදාළ තරුනයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය...
මැරීන් ඩ්‍රයිව් එකේ SUV ජීප් රථයක් අහසේ ඉඟිල්ලවපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකරගේ පුත්‍රයා අත්අඩංගුවට!
2023-05-08T21:43:00+05:30
Lanka Hot News