gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දේශද්‍රෝහින් (24) බලාගමු! දයාසිරි පොහොට්ටුවට කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙලෙස අදහස් දැක්වූයයේ මහජන උපයෝගිතා සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

විදුලි බිල වැඩි විය යුත්තේ මහජන උපයෝගිතා කොමිසම මඟින් කරනු ලබන ගණනය කිරීම් අනුවයි.නමුත් අවුරුදු 07 ක් තිස්සේ මේ ක්‍රමය ක්‍රියාත්මක නොවීය.ආණ්ඩුව හිතුමතේ 75% කින් විදුලි බිල වැඩි කරනු ලැබුවා.නැවත 66% කින් වැඩි කරනු ලැබුවා.මේ ආණ්ඩුව මහජන උපයෝගීතා කොමිසමෙි නිර්දේශයන් මායිම් නොකොට එහි සභාපතිවරයා ඉවත් කිරීමට ගන්නා මෙම ක්‍රියාමාර්ගය අපි දැඩි ලෙස හෙළා දකිනවා.

මම පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අහනවා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද, රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට පහර ගැසීමද,ඔහු ඉවත් කිරීමට ඔබගේ ඡන්දය ප්‍රකාශ කොට දේශද්‍රෝහීන් වෙනවාද?

දැන් මහජන උපයෝගිතා කොමිසම 30% විදුලි මිල අඩු කිරීමට නිර්දේශ කොට තිබෙනවා.නමුත් ඇමතිවරයා 3% කින් අඩු කිරීමට සැරසෙනවා.පසුගිය අපොස උසස් පෙල සමයේ විදුලිය කපන්න එපා කියලා කොමිසම පැවසුවා.නමුත් විදුලිබල ඇමති හිතුවක්කාර ලෙස විදුලිය විසන්ධි කොට පාසල් ළමුන්ට කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කිරීමට සැලසුවා.අපි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා කරුණාකර ජනතාවගේ පැත්තේ හිටගන්න, ආණ්ඩුව පැත්තේ හිටගෙන දේශද්‍රෝහීන් ⁣වෙන්න එපා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka