gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඖෂධ ජාවාරම පිටුපස සිටින්නේ සෞඛ්‍ය ඇමැති හා ලේකම්…

ඖෂධ ජාවාරම පිටුපස ඍජුවම සිටින්නේ සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලේකම්වරයා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.
අඩු මිලට ඖෂධ මිලදී ගත හැකි සමාගම් තිබියදී වැඩි මිල ගණන් යටතේ වෙනත් සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නුගේගොඩ පිහිටි සිය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මෙවැනි කැබිනට් පත්‍රිකා සකස් කරන්නේ දේශපාලකයින්ගේ බල කිරීම මත නම් ‘අනුන්ගේ පදයට නටලා අමාරුවේ වැටෙන්න එපා’ යැයි සෞඛ්‍ය ලේකම්වරයාට අනතුරු අඟවන බවද හෙතෙම කීවේය.

එමෙන්ම ඉන්දීය සමාගමක් හරහා පසුගියදා මෙරටට ගෙනෙන ලද, අක්ෂි ආසාධන සඳහා භාවිතා කරන ඖෂධ ගණනාවක දෝෂ පවතින බවත් ඒවා භාවිතා කිරීමෙන් අසාද්මිකතා රැසක් ඇති වී අන්ධභාවයට පත් වූ රෝගියකු සිටින බවට වාර්තා වී ඇති බවත් හෙතෙම පැවසීය.

අක්ෂි ආසාධන සඳහා භාවිතා කරන මෙම ඖෂධ කුප්පිවල විෂබීජ අඩංගු බවට රජයේ රසායනාගාරය විසින් තහවුරු කරගෙන ඇති බවද ඒ මහතා කීවේය. තවද, රෝගීන්ට අතුරු අබාධ පැමිණීමට පෙර මෙම ඖෂධ නිසි පරීක්ෂණයකට යොමු නොකරන්නේ ඇයි දැයි ගැටලු සහගත බවද ඔහු සඳහන් කළේය.

– Aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka