රනිල් සාකච්ඡාවකට උතුරේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට එන්න කියයි! අපිට විතරක් එන්න බෑ! මන්ත්‍රීවරු කොන්දේසියක් දමයි! ජනාධිපතිට ලිඛිතවම දැනුම් දෙන්නත් තීන්දු කරයි!
උතුරු නැගෙනහිර පළාත්වලට බලය විමධ්‍යගත කෙරෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා උතුරේ දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කොට තිබේ. මැයි මස 11,12 හා 13 යන දිනවලදී කොළඹදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතකට අයත් නියෝජිතයෝ සහභාගී වීමට නියමිතව ඇති අතර, එම පක්ෂ විසින් යාපනයේදී පවත්වන ලද සාකච්ඡාවකදී තීරණය කොට ඇත්තේ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරුන්ට මෙම සාකච්ඡාවට සහභාගී වීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් උතුරේ දෙමළ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී නොවන බවටයි.
දෙමළ ජනතාව නියෝජනය කෙරෙන ප්‍රදේශය උතුරු ප්‍රදේශය පමණක් නොවන නිසා නැගෙනහිර පළාතද ඊට එකතු විය යුතු බවට තීරණය කොට ඇති දෙමළ පක්ෂ හතේ නායකයන්, නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරුන්ට මේ සාකච්ඡාව සඳහා ඉඩක් නොලැබීම බලවත් අසාධාරණයක් නිසා ඒ පිළිබද ජනධිපතිවරයාට ලිපියක් යැවීමටද යාපනයේ පැවති සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.
ජනාධිපතිවරයා සමග දෙමළ දේශපාලන පක්ෂවලට සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදාවුවහොත් ඉන් පසුව දෙමළ ජාතික සම්මේලනයක් පිහිටුවා උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදී යා යුත්තේ කවර යාන්ත්‍රණයක් යටතේද යන්න පිළිබද සියලු දෙමළ දේශපාලන පක්ෂ එකතු වී කෙටුම්පතක් පිළියෙළ කිරීමටද යාපනයේදී තීරණය කොට ඇත.
-lankasara
රනිල් සාකච්ඡාවකට උතුරේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට එන්න කියයි! අපිට විතරක් එන්න බෑ! මන්ත්‍රීවරු කොන්දේසියක් දමයි! ජනාධිපතිට ලිඛිතවම දැනුම් දෙන්නත් තීන්දු කරයි!
2023-05-07T20:28:00+05:30
Gossip Lanka Hot News






