gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රිලනිප අර්බුදය හමුවේ මෛත්‍රි බකන් නිලාගෙන ….

අනුරගේ සහ සජිත්ගේ දේශපාලන බලු පොරය අවසන් වෙනවත් එක්කම දැන් ශ්‍රිලනිපයේ දේශපාලන බලු පොරය පටන් අරන්.ඒ දයාසිරිගේ සහ දුමින්දගේ.සජිත්,අනුර බලු පොරය කියන්නේ පක්ෂ දෙකක්, වේදිකා දෙකක ඉඳන් අල්ලපු පොරයක්.දයාසිරි,දුමින්ද බලු පොරය කියන්නේ එකම පක්ෂයක, එකම වේදිකාවක ඉඳන් අල්ලන පොරයක්.බලු පොර නම් කොහොම උනත් බලන්න හිරිකිතයි.ඒත් එකම ගෙදර බල්ලෝ කා ගන්නකොට ගෙදර අයිතිකාරයා ඇවිත් බල්ලෝ බැදලා දානවා.ඒත් මේ ගෙදර අයිතිකාරයා දෙපැත්තේම බල්ලන්ට බයයි.දැන් තියන ප්‍රශ්නය තමයි ඇයි මෛත්‍රි එහෙම නොකරන්නේ කියන එකයි.මෛත්‍රි ඒක නොකරනවා නෙවෙයි මෛත්‍රිට ඒක කරන්න බෑ. මොකද මෛත්‍රි ඔය කණ්ඩායම් දෙකත් එක්කම දඩයමේ ගිහින් තියනවා.

ශ්‍රිලනිප මහ ලේකම් විදිහට දයාසිරි පත් කිරීමම මෛත්‍රි ඇතුළු ශ්‍රිලනිපය කරපු දැවැන්ත මෝඩකමක්.ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයට තිලංග පත්කිරීම ඊටත් වැඩිය මෝඩකමක්.මොකද ඒ දෙන්නටම ශ්‍රිලනිපයට ගැලපෙන දේශපාලන සංස්කෘතියක් නෑ. පක්ෂයක මහ ලේකම් කියන්නේ පක්ෂයක නීතීයානුකූල භාරකාරයා. මැතිවරණ කොමිෂමත් එක්ක සියලු ගනුදෙනු කරන්නේ පක්ෂ මහ ලේකම්.රටේ රාළ මිට ඉස්සෙල්ලා දවසක කිව්වා දයාසිරි සහ තිලංග තමයි ශ්‍රිලනිපට ඊළග විනාශය ගේන්නේ කියලා.ඒක ශ්‍රිලනිප අපේ යාලුවන්ටත් රටේ රාළ පෞද්ගලිකව කියලත් ඇති. දේශපාලන පක්ෂයක ලේකම් තනතුරුකට කුමන්ත්‍රණකාරයෙක් පත් උනොත් මොකක් වෙයිද?රටේ රාළ කියන්නේ දයාසිරිලා සහ තිලංගලා කියන්නේ අර විමල් කියන ජාතියේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ කියලා නෙවෙයි.මෙයාලට ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ කියන එක ඇත්ත ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයින්ටත් කරන අපහාසයක්.රටේ රාළ කියන්නේ මෙයාලා සූපින් කුමන්ත්‍රණකාරයෝ කියලයි.

ඒ කියන්නේ මෙයාලා නිකං හිගන්නෝ ගානට දාන එකත් නෙවෙයි.මෙයාලා සූපින් කුමන්ත්‍රණකාරයෝ වෙන්නේ ශ්‍රිලනිප දේශපාලන අරමුණට සාපේක්ෂවයි.ශ්‍රිලනිපය මේ මොහොතේ වැටිලා ඉන්න තැනින් ගොඩගැනීමට තියන වගකීමට සාපේක්ෂවයි.ඇත්තටම මේ වෙලාවේ ශ්‍රිලනිපයට ඕනි සමගිය. චන්ද්‍රිකාගේ පටන් පහල දක්වා සමගිය.ඒ සමගියට ඕනි නැත්තේ ශ්‍රිලනිප අම්මාගේ ලේ උරා බීපු රාජපක්ෂලා විතරයි.පක්ෂයේ මහ ලේකම්ගේ වගකීම වෙන්න ඕනි ඒ සමගිය නිර්මාණය කිරීම.ඒකේ පළවෙනි පියවර වෙන්න ඕනි ශ්‍රිලනිපය ඇතුලේ තියන කල්ලිවාදය තුරන් කිරීමෙන්.ඒකට විවෘත මනසකින් යුක්තව මැදිහත් වෙන්න ඕනි පක්ෂයේ මහ ලේකම්. මෛත්‍රිගෙන් වෙන අඩුපාඩු පවා බැලන්ස් කරන්න ඕනි මහ ලේකම්. හැබැයි දයාසිරි එනවත් එක්කම කනකොකා හඩලා තියන ශ්‍රිලනිපයට තව වතාවක් කනකොකා ඇඩුවා.දයාසිරි ඉස්සෙල්ලාම කළේ ශ්‍රිලනිපය ඇතුලට ඇවිත් පක්ෂ ජේෂ්ඨයන් පක්ෂයෙන් එලවීම වෙනුවෙන් පිඹුරු පත් හැදීමයි.

ඒක කරන්න අවශ්‍ය තත්වයක් ශ්‍රිලනිපය ඇතුලේ තිබුණා.එකක් තමයි මෛත්‍රි හා රාජපක්ෂලා අතර තිබුණ ප්‍රතිවිරෝධය.රාජපක්ෂලා දිගටම උත්සහ කළේ මෛත්‍රි එලවලා ශ්‍රිලනිපයේ බලය තමන්ගේ බත්බැලයන්ට අරන් දෙන්න. රාජපක්ෂලාගේ දොල පිදේනි වලට වහ වැටුණු කණ්ඩායමක් ශ්‍රිලනිපයේ ඉහල පුටුවල හිටියා. නිමල් සිරිපාලලා,මහින්ද අමරවීරලාට ඇමතිකම් නැතිව හුස්ම වැටෙන්නෙත් නෑ. දුමින්දත් පස්සේ එතෙන්ට වැටුනා.දයාසිරි මේවත් දඩම්මා කරගෙන ඉතා සියුම් විදිහට මෛත්‍රි සහ ජේෂ්ඨයන් කෙටෙව්වා.ඒක ගොඩක් දුරට දයාසිරිට බැසිල් දුන්න කොන්ත්‍රාත් එකක් වෙන්නත් පුළුවන්. දයාසිරිත් අර රාජපක්ෂලාගේ දොල පිදේනිවලට ඉව ඇල්ලුවේ නෑ කියලා කියන්න බෑ.

දයාසිරිත් ඒ වෙනුවෙන් වට වන්දනාවේ ගිය බව අපි නම් දන්නවා.දයාසිරිට මෙතනදී ඉලක්ක දෙකක් තිබුණා.ඒකක් ඇමති තනතුරුක් ගැනීම.ඊළගට ශ්‍රිලනිප නායකයා වීම.මේ දෙකෙන් දයාසිරිගේ මූලික ඉලක්කය උනේ ශ්‍රීලනිප නායකත්වය ගැනීමයි.ඒක ඇමතිකමක් වෙනුවෙන් පාවා දෙන්න දයාසිරි ලෑස්ති වුනේ නෑ. ශ්‍රිලනිප නායකත්වය ගන්න දයාසිරිට Hidden agenda එකක් තිබුණා.ඒ වෙනුවෙන් දයාසිරි පක්ෂයේ ඇතුල දුර්වල කළා.පක්ෂ ජේෂ්ඨයින් එලෙව්වා.දයාසිරි මහ ලේකම් වෙලා ඇවිත් ඉස්සෙල්ලාම කළේ කුරුණෑගල දිස්ත්‍රික්කය සුද්ධ කරන එක.රටේ රාළ ශ්‍රිලනිප පාක්ෂිකයන්ගෙන් අහන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකයෝ කීදෙනෙක් දයාසිරි ශ්‍රිලනිපයෙන් එලවලාද කියලයි?ඒ අතර හිටපු මහ ඇමතිලා,හිටපු ඇමතිලා,පාර්ලිමේන්තු සහ පලාත් සභා මන්ත්‍රීලා හිටියා.දයාසිරි කුරුණෑගල සුද්ද කරගෙන තමන්ගේ තැන ඉස්සෙල්ලාම හදා ගත්තා.

ඊළගට තමයි දයාසිරි ශ්‍රිලනිපයට අත තියන්න පටන් ගත්තේ.පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ට ප්‍රහාර එල්ල කරන ගමන් දයාසිරි ශ්‍රිලනිපය ඇතුලේ දයාසිරිගේම කණ්ඩායමක් හැදුවා. ශ්‍රිලනිප මූලස්ථානයේ බලය අතට ගැනීම තමයි දයාසිරිගේ ඊළඟ ටාගට් එක වුනේ.අද දයාසිරි ශ්‍රිලනිපය ඇතුලේ කොච්චර බලවත්ද කියනවා නම් දයාසිරි විරෝධී ශ්‍රිලනිප සාමාජිකයන්ට කනට ගහලා එලවන්න කියලා නායකත්වයට කියන්න පුළුවන් තරමට දයාසිරි බලවතෙක්. පහුගිය දවසක දයාසිරි තමන්ගේ පක්ෂ සාමාජිකයෙකුට කතා කරන අපුරුව අන්තර්ජාලයේ සංසරණය උන හඩ පටියකින් ඔයාලත් අහන්න ඇති.රටේ රාළ නං කියන්නේ තමන්ගේ පක්ෂ සාමාජිකයන්ට එහෙම කතා කරන ලේකම් කෙනෙකුට දේශපාලන වශයෙන් කනට ගහලා ගෙදර යවන්න ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවට කොන්දක් තියෙන්න ඕනි.දයාසිරි මේ හදපු කණ්ඩායම වෙත ශ්‍රිලනිපයේ මූලස්ථාන බලය පවරා ගනිමින් තිබුණා.දයාසිරි පක්ෂ නායකත්වය ගන්න ප්ලෑන් කළේ ඇතුලේ අයත් එක්ක නෙවෙයි එළියේ අයත් එක්ක.

දැනට දයාසිරි ඒ වෙනුවෙන් අවස්ථා දෙකකදී උත්සහ දරලා තියනවා. හෙලිකොප්ටරය හදන්න ඉස්සෙල්ලා පොහොට්ටුව ඇතුලේ නිර්මාණය වුන බැසිල් විරෝධී කැරැල්ලට විමල්,ගම්මන්පිල ඇතුළු කණ්ඩායමත් එක්ක ශ්‍රිලනිපයත් සම්බන්ධ වුනා.ඒ සාකච්ඡාවලට ශ්‍රිලනිපය නියෝජනය කරමින් ගියේ දයාසිරි. එතනදී විමල්,ගම්මන්පිල,දයාසිරිලා අතර අනාගත සන්ධානයක් ගැන එකඟතාවයක් තිබුණා.එතනදී ආවේ මෛත්‍රි තිරය පිටුපසින් තියලා එයාලා ඉදිරියට ඇවිත් හදන නායකත්ව මණ්ඩලයකින් ඒ සන්ධානය මෙහෙයවන්න.රටේ රාළ එදා ඒ එකඟතාවය ගැන හෙලි කරනවාත් එක්ක පළවෙනි කුමන්ත්‍රණය අසාර්ථක වුනා.දයාසිරිගේ දෙවෙනි කුමන්ත්‍රණයට තිලංගත් සෘජුවම සම්බන්ධ වුනා.ඒ දයාසිරි – ඩලස් – තිලංග ගහපු හෙලිකොප්ටර් කුමන්ත්‍රණය.දයාසිරිලා ඇවිත් හෙලිකොප්ටරයේ අය ගැන අතිශෝක්තියෙන් මෛත්‍රිට බටර් එක ගෑවා.තිලංග ඒකට පෝර දැම්මා

මෛත්‍රි කොච්චර ඇන්ඳුවාද කියනවා නං පොලොන්නරුව දිස්ත්‍රික්කට අත ලකුණ යටතේ තරඟ කරන්න ඔබතුමා කැමති නම් ඒකට උනත් අවස්ථාව දෙන්න හෙලිකොප්ටර් නායකයෝ කැමති කිව්වා.හැබැයි මෛත්‍රි අත ලකුණ යටතේ තරඟ කරන්න හදනකොට හෙලිකොප්ටර් සන්ධානයේ කට්ටිය මෛත්‍රි දරන වගකීම්වලින් ඉවත් වෙන්න කියලා පණිවිඩය එව්වා. ඊළගට අනිත් දිස්ත්‍රික්ක හෙලිකොප්ටරය යටතේ තරග කරන්න දයාසිරිදා සැලසුම හැදුවා. දේශපාලන නොතේරෙන තොත්ත බබෙක් වගේ මෛත්‍රි ඒකට අවනත වෙලා තිබුණා.ශ්‍රිලනිපය විනාශ කරමින් යන්න හදන ඒ ගමනට විරුද්ධව ශ්‍රිලනිප පාක්ෂිකයා නැගිට්ටා.නැගිට්ලා ශ්‍රිලනිපය හෙලිකොප්ටරයෙන් බැස්සුවා. ශ්‍රිලනිපය සියලුම දිස්ත්‍රික්ක හෙලිකොප්ටරයෙන් බහිද්දී දයාසිරි සහ තිලංග විතරක් ලැජ්ජා නැතිව පලාත් පාලන ඡන්දයට හෙලිකොප්ටරය යටතේ නාමයෝජනා බාරදුන්නා.ඇත්තටම මෛත්‍රි ශ්‍රිලනිප පක්ෂිකයාට සහ රනිල්ට ණය ගැති වෙන්න ඕනි.

ශ්‍රිලනිප පාක්ෂිකයා හැකි හැම තැනකදීම අත ලකුණ තෝරා ගත්තා.මෛත්‍රි රනිල්ට ණය ගැති වෙන්න ඕනි පලාත් පාලන ඡන්දය කල්දාලා දීපු එකටයි.නැත්තං ශ්‍රිලනිපය ඇතුලේ මෛත්‍රි දැනටත් අවලංගු කාසියක් විතරයි.ඒකට තවත් හොඳ උදාහරණයක් තියනවා.මේ දවස්වල දයාසිරි සහ දුමින්ද තරගයට මෛත්‍රිට ලියුම් ලියනවා.ඒ ලියුම්වලින් දයාසිරිගේ ලියපු සුක්ෂමව අධ්‍යනය කලොත් දුමින්ද නගන සියලු චෝදනාවලට දයාසිරි උත්තර දීලා තියෙන්නේ මෛත්‍රි වැරදිකාරයා කරමින්.රටේ රාළ කියන්නේ මෙහෙම ගියොත් ශ්‍රිලනිප මීනී පෙට්ටියට දයාසිරි සහ තිලංග අවසන් ඇණයත් ගහනවා කියලයි.ඒත් රටේ රාළ ඒ වගකීම සම්පූර්ණයෙන්ම පටවන්නේ ශ්‍රිලනිප නායක මෛත්‍රිට.ඒ දයාසිරිලා,තිලංගලා පක්ෂය මේ තරම් විනාශයකට ඇදගෙන යනකම් බකන් නිලාගෙන ඉන්න එක ගැනයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka