gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කටාන හිටපු සභාපති මරා දැමූ බව කියන වත්තේ මුරකරු වහ බීලා! පොලිසිය ඉස්පිරිතාලෙට ගිහින් අත්අඩංගුවට ගනී!

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයකු වස පානය කර වරකාපොළ රෝහලට ඉකුත් 29 වැනිදා රාත්‍රී ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය.
මෙලෙස වරකාපොළ රෝහලේ අංක 14 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ වරකාපොළ මායිනොළුව බෝගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටින රන්පොඩි දේවයලාගේ රවිඳු ධම්මසිරි නමැති පුද්ගලයෙකි.

වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති පුද්ගලයා කලකට ඉහතදී බිරිය සමඟ කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා වන 73 හැවිරිදි පීටර් හපුආරච්චි (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) නමැත්තාගේ වනාතවිල්ලුව 12 කණුව අවට පිහිටි අක්කර 100ක පමණ පොල් ඉඩමක මුරකාර යුවළක් ලෙස සේවයට ගොස් තිබේ. එම පොල් ඉඩමේ මුරකරුවන් කිහිප දෙනකු සේවය කරන බවත් පොලිසිය පැවසීය. සැකකාර පුද්ගලයා හා බිරිය ද එක් මුර කුටියක පදිංචිව සිට ඉඩමේ කොටසක් රැක බලා ගනිමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය. පොලිසිය උප සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ උප සභාපතිවරයා වත්තේ සේවය කරන මුර පවුල අතර කිසියම් ආරවුලක් ඇති කරගෙන ඇති බවය. පසුව හිටපු උප සභාපතිවරයා ඉකුත් 27 වැනිදා ඉඩමට සවස සිය කැබ් රථයකින් පැමිණෙන අයුරු තවත් මුරකරුවකු දැක තිබේ. සැකකරු සමඟ උප සභාපතිවරයා බහින්බස් වීමක් සිදු වන්නට ඇති බවත් පසුව මුරකාර යුවළ විසින් උප සභාපතිවරයා මුර කුටිය තුළට රැගෙන ගොස් අත් පා ගැට ගසා කිසියම් ආකාරයකින් රාත්‍රියේ ඝාතනය කරන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

සෙසු මුරකරුවකු පසුගිය 28 වැනිදා පෙරවරුවේ සැකකරු පදිංචිව සිටින මුර කුටිය අසලට පැමිණ බලද්දී උප සභාපතිවරයාගේ කැබ් රථය දැක ඇති අතර, වත්තට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුවට ඉබි යතුරු දමා ඇති බව දැක තිබේ. පසුව මුරකරු සැකකාර මුරකාර යුවළ පදිංචිව සිටි මුර කුටියට ගොස් දොරවල් විවෘත කර බලද්දී උප සභාපතිවරයාගේ අත් පා ගැට ගසා ඝාතනය කර ඇති අයුරු දැක වනාතවිල්ලුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

සැකකරු හිටපු උප සභාපතිවරයා ඝාතනය කොට බිරිය සමඟ වරකාපොළ නිවෙසට රාත්‍රී පැමිණ ඉකුත් 29 වැනිදා වස පානය කර වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවත් වරකාපොළ පොලිසිය පැවසීය.

ඊයේ (01) වනාතවිල්ලුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් වරකාපොළ ප්‍රදේශයට පැමිණ සිටි අතර, වස පානය කර වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සැකකරුගේ බිරිය ද අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka