මීළඟ පොලිස්පතිවරයා වීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධයක් නව මුහුණුවරකින් ආරම්භ වී ඇති බව වාර්තා වේ. වත්මන් පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතාගේ සේවා දිගුව ජූනි මස 26 වැනි දා අවසන් වීමට නියමිතය.
සාමාන්‍යයෙන් පොලිස්පති ධුරයේ හිමිවන්නේ ජ්‍යෙෂ්ඨත්වය අතින් ඉහලින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටයි.
ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා සුදුසු නමක් හෝ නම් කිහිපයක් ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරීම කිරීමත් ඉන්පසු එම සභාවේ අනුමැතියෙන් පසු සුදුසු නම ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමෙන් පසු පොලිස්පතිවරයකු පත් කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදයයි.
කෙසේ වෙතත් මේ දක්වා ඔහු නව පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයන් ගෙන් කිසිදු යෝජනාවක් මෙතෙක් ලැබී නැත.