ඇඟලුම් ක්ෂේත්‍රය බිමටම පාත්වෙයි! 24%කින් කඩන් වැටෙයි!
මෙරට ආරථිකයට විශාල දායකත්වය ලබා දෙන ඇගළුම් කර්මාන්තය මේ වන විට දරුණු කඩාවැටීමකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ. මේ වසරේ අප්‍රේල් මාසයේ ඇගළුම් අපනයනයෙන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 318 කි. එය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 526 ක ආදායම හා සසදා බැලීමේ දී 24% ක අති දැවැන්ත පහත වැටීමකි.
මේ වසරේ මුල් මාස හතර තුළ ඇගලුම් අපනයනයෙන් උපයා ඇති ආදායම, පසුගිය වසරේ මුල් මාස හතර තුළ උපයා ඇති ආදායම හා සසදා බැලීමේ දී 17% කින් පහත වැටී තිබේ.
2018 අප්‍රේල් මාසයෙන් පසුව, ඇගලුම කර්මාන්තයෙන් අඩුම ඉපැයීම් ප්‍රමාණයක් වාර්තා කර තිබෙන්නේ මේ වසරේ අප්‍රේල් මාසයේ දී ය.

එක්සත් ජනපදය සදහා සිදුකර තිබෙන ඇගලුම් අපනයනය මේ අප්‍රේල් මාසයේ දී 25.5% කින් පහත වැටී තිබේ. යුරෝපීය වෙළද පොළට සිදුකර තිබෙන අපනයන ප්‍රමාණය 27.53 කින් සහ එක්සත් රාජධානියට සිදුකර තිබෙන ඇගලුම් අපනයන ප්‍රමාණය 26.7% කින් පහත වැටී තිබේ.
ඇඟලුම් ක්ෂේත්‍රය බිමටම පාත්වෙයි! 24%කින් කඩන් වැටෙයි!
2023-05-22T14:37:00+05:30
Lanka Hot News