රජය ගැන පමණක් නොව, ජනතාවගේ පැත්තෙන් සිතාබලා තීන්දු තීරණ ගන්නා ලෙසත්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රධානීන්ට හිරිහැර කිරීම ප්‍රශස්ථ රාජ්‍ය පාලනයක ලක්ෂණයක් නොවන බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
අසාමාන්‍ය ලෙස විදුලි බිල වැඩිකිරීමෙන් මණ්ඩලය ලබන අසීමිත ලාභය පිළිබද සහ ජනතවාගේ පැත්තෙන් සිතා බලා විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරන ලෙස කරුණු දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාව ඒ හේතුව නිසාම සිය ධුරයෙන් පහකිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබද අදහස් දක්වමින් හිටපු අගවිනිසුරුවරයා මේ බව පැවැසීය.
ජනක රත්නායක මහතා අසාධාරණ සහ අයුක්තිසහත ලෙස එම තනතුරෙන් ඉවත් කිරීමට රජය උත්සාහ දැරීම ස්වාධීන කොමිෂන් සභාවල පැවැත්මට අයහපත් ලෙස බලපාන්නේ යැයිද හිටපු අගවිනිසුරුවරයා පැවැසීය.
මෙවැනි නිලධාරියෙක් ඉවත් කිරීමට සහාය දැක්වීමේදී හෝ අත එසවීමේදී මහජන නියෝජිතයන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මව්රට