gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ගෙනෙන් අර මන්නේ.. ! පලයව් යන්න මෙතනින්!’ හංගගෙන ඉන්න බිත්තර හොයන්න පැන්න පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට දරුණු ප්‍රහාරයක්! නිලධාරීන් 5 දෙනෙක් රෝහලේ! (VIDEO)

නාරම්මල ප්‍රදේශයේ බිත්තර කළුකඩ වැටලීමකදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහර දුන් පිරිසෙන් 4 දෙනකු පෙරේදා (4) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත තිබේ.

එලෙස බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ගොවිපොළේ හිමිකරුද වෙයි. නාරම්මල බිහල්පොල බන්දුල ෆාම් ආයතනයේ බිත්තර තොග සඟවා තබා ඇතිද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට යෑමේදී රාජකාරියට බාධා කරමින් ආයුධ ඇතැතිව පැමිණි පිරිසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ට බරපතළ ලෙස ප්‍රහාරයක් එල්ල කළේ පෙරේදා (4) ය. මේ සම්බන්ධ නාරම්මල පොලිසියේ පැමිණිලි කොට අදාළ නිලධාරීන් රෝහල්ගත කිරීමට යොමු කිරීමට කටයුතු කර තිබේ.

මේ ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දිගින් දිගටම පැමිණිලි ලැබී තිබූ අතර, ඒ සම්බන්ධව උපාය දූතයකු මඟින් කරුණු තහවුරු කරගැනීමක්ද සිදු කරගැනීමට එම අධිකාරිය ක්‍රියා කර ඇත. වැටලීමට අධිකාරියේ කරුණෑගල දිස්ත්‍රික්ක නිලධාරි 8 දෙනකු ගොස් ඇති අතර, ඉන් 5 දෙනකු මේ ප්‍රහාරයට ලක් වීම හෙතුවෙන් රෝහල්ගත කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka