නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව! සාක්කි කැඳවීමකින් තොරවම නාමල් නිදහස් කරන්නැයි නාමල්ගේ නීතිඥයන්ගෙන් උසාවියට ඉල්ලීමක්!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනකු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව ඔවුන්ගේ නීතිඥවරු කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නා.
මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කෙරුණා.
ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කළේ තම සේවාදායකයන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණ වී නොමැති හෙයින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව එම කරුණු දැක්වීම ජූලි මස 24 දා සිදුකරන ලෙස විනිසුරුවරයා නියෝග කළා.
මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන් කෙරුණා.
ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කළේ තම සේවාදායකයන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණ වී නොමැති හෙයින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව එම කරුණු දැක්වීම ජූලි මස 24 දා සිදුකරන ලෙස විනිසුරුවරයා නියෝග කළා.
නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව! සාක්කි කැඳවීමකින් තොරවම නාමල් නිදහස් කරන්නැයි නාමල්ගේ නීතිඥයන්ගෙන් උසාවියට ඉල්ලීමක්!
2023-05-11T19:48:00+05:30
Lanka Hot News