අමරකීර්ති අතුකෝරල සිහිකර ගුණ සමරුවක්! පොළොන්නරුවේ පාරකුත් නම් කරයි
මීට වසරකට පෙර අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති මැතිතුමාගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගුණ සමරු වැඩසටහන් රැසක් දිනය පුරා ක්‍රියාත්මක වුණා.
ඒ අනුව කාපට් යොදා සංවර්ධනය කෙරුණු පොළොන්නරුව සේවාගම – වරාකැලේ මාර්ගය “අමරකීර්ති අතුකොරළ මාවත” ලෙස නම් කරමින් එය ජනතා අයිතියට පත් කර තිබෙනවා.
වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාශයේ වැලිකන්ද මහවැව බටහිර නව පාලම “අමරකීර්ති අතුකෝරල මැතිතුමා නමින් නම් කිරීම ද මෙම අවස්ථාවේදී සිදු කෙරුණා.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
“අමරකීර්ති අතුකෝරළ මැතිතුමාගේ ජීවිතය එදින අහිමි වූවා මෙන්ම මා ඇතුළු මහජන නියෝජිතයින් රැසකගේම නිවාස ගිණිබත් කල, උන්හිටිතැන් අහිමි කල අවාසනාවන්ත දිනයක්. තමන් කැමති දේශපාලන මතයක් දැරීම, තමන් කැමති වෘත්තියක නිරත වීම, කැමති ආගමික මතයක් දැරීම තවත් පිරිසකගේ හිරිහැරයට ගොදුරුවීමට හේතුවක් විය යුතු නැහැ. එලෙස හිරිහැර කිරීමට, ප්‍රචණ්ඩත්වය පැතිරවීමට කිසිවෙකුටත් අයිතියක් නැහැ.සෑම මිනිසකුටම ගෞරවාන්විත ජීවිතයක් මෙන්ම ගෞරවාන්විතව මරණයකද අයිතිය හිමි විය යුතුයි. “

2023-05-10T11:13:00+05:30
Lanka Hot News