ප්‍රකට අධ්‍යක්ෂවරයෙක් පැහැරගෙන ගොස් පහරදී මහ මග දාලා ගිහිල්ලා!
චිත්‍රපට, ටෙලිනාට්‍ය නිෂ්පාදක, අධ්‍යක්ෂ හා තිර රචකයෙක් වූ එස්.එම්. ගාමිණී ප්‍රියන්ත සමරකෝන් පසුගිය 03 වැනිදා වැලිමඩ – නුවරඑළිය මාර්ගයේදී පැහැරගෙන ගොස්, පහරදී මහමග අත්හැර යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් සිවුදෙනෙක් සහ අපරාධ සඳහා යොදාගන්න ලද වාහනය වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා සවස පාගමනින් වැලිමඩ – කොළඹ පාරේ ගමන් කරමින් සිටි මෙම මෙම අධ්‍යක්ෂවරයාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇත්තේ මූල්‍ය සමාගම්වල බලහත්කාරයෙන් වාහන අත්පත් කරගැනීමේ රැකියාව කරන මැරයන් තිදෙනෙක් සහ හෝටල් සේවකයෙක් විසිනි.
ඌවපරණගම, ලුණුඅටලුගම පදිංචිකරුවෙක් වූ මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා මේ වන විට වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පැහැරගෙන ගොස් පහරදී ඔහුව අත්හැර ගොස් තිබුණේ හපුතලේ මාර්ගය අතරමගය.
මෙම පැහැරගැනීම කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇතැයි පැමිණිල්ලේ කටඋත්තරය අනුව පෙනීගොස් ඇතැයි පොලිසිය කියයි.
lankasara
පෙරේදා සවස පාගමනින් වැලිමඩ – කොළඹ පාරේ ගමන් කරමින් සිටි මෙම මෙම අධ්‍යක්ෂවරයාව වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇත්තේ මූල්‍ය සමාගම්වල බලහත්කාරයෙන් වාහන අත්පත් කරගැනීමේ රැකියාව කරන මැරයන් තිදෙනෙක් සහ හෝටල් සේවකයෙක් විසිනි.
ඌවපරණගම, ලුණුඅටලුගම පදිංචිකරුවෙක් වූ මෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයා මේ වන විට වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පැහැරගෙන ගොස් පහරදී ඔහුව අත්හැර ගොස් තිබුණේ හපුතලේ මාර්ගය අතරමගය.
මෙම පැහැරගැනීම කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇතැයි පැමිණිල්ලේ කටඋත්තරය අනුව පෙනීගොස් ඇතැයි පොලිසිය කියයි.
lankasara
ප්‍රකට අධ්‍යක්ෂවරයෙක් පැහැරගෙන ගොස් පහරදී මහ මග දාලා ගිහිල්ලා!
2023-05-06T07:44:00+05:30
Lanka Hot News