කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් 4 දෙනා අද උසාවි අරන් එද්දී ගමම උසාවි එයි! මවත් එක්වෙයි! උසාවිය ළඟ නිහඬ විරෝධතාවක්! VIDEO
කළුතර හෝටලයක ඉහළ මහලකින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනා අද (15) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.සැකකරුවන් අතර මියගිය සිසුවිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස සිටි පුද්ගලයා ද වේ.
සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගිය දැරියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙලගැසී නිහඬ විරෝධතාවක නියැලී සිටියේය.
ගාලුපාරේ මීටර් 50ක පමණ දුරකට පෙලගැසී සිටී විරෝධතාකරුවන් මියගිය දැරියට “සාධාරණය ඉටුකරනු”, “පොලීසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු”, “ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු” යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව නිහඬ විරෝධතාව විනාඩි 30ක් පමණ සිදුකර විසිර ගියහ.
මේ හේතුවෙන් කළුතර නගරයේ පොලිස් ආරක්ෂාව තරකර තිබු අයුරුද දැකගත හැකිවිය
සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගිය දැරියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙලගැසී නිහඬ විරෝධතාවක නියැලී සිටියේය.
ගාලුපාරේ මීටර් 50ක පමණ දුරකට පෙලගැසී සිටී විරෝධතාකරුවන් මියගිය දැරියට “සාධාරණය ඉටුකරනු”, “පොලීසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු”, “ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු” යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව නිහඬ විරෝධතාව විනාඩි 30ක් පමණ සිදුකර විසිර ගියහ.
මේ හේතුවෙන් කළුතර නගරයේ පොලිස් ආරක්ෂාව තරකර තිබු අයුරුද දැකගත හැකිවිය
කළුතර සිසුවියගේ මරණයේ සැකකරුවන් 4 දෙනා අද උසාවි අරන් එද්දී ගමම උසාවි එයි! මවත් එක්වෙයි! උසාවිය ළඟ නිහඬ විරෝධතාවක්! VIDEO
2023-05-15T12:50:00+05:30
Gossip Lanka Hot News