gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තව දින 45යි… නඩු ගොනු නොකලොත් ඩොලර් බිලියන 6.4 ක X – press Pearl වන්දිය ඉවරයි

ලෝකයේ සිදු වූ විශාලතම රසායනික නාවික අනතුර ලෙස සැලකෙන සිංගප්පූරුවේ X – press Feeders නම් සමාගමට අයත් X – press Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදේදී ගිලී ගොස් සිදු වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දි නඩුව අද (5 දා) සිට තවත් දින 45 ක් තුළ ගොනු නොකළහොත් ඩොලර් බිලියන 6.4 ක් ඇතුළු සම්පූර්ණ වන්දි මුදල රටට අහිමි වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

නිලධාරීන්ගේ හා දේශපාලකයන්ගේ නිද්‍රාශීලීබව නිසා මෙසේ රටට අහිමි වන වන්දි මුදල IMF සංවිධානය මගින් රටට ලබාදුන් ඩොලර් බිලියන 2.9 මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලක් බව ද පවසන පරිසර යුක්ති කේන්ද්‍රය අදාළ වන්දි නඩුව සිංගප්පූරුවේ අධිකරණයක පැවරීමට කැබිනට් මණ්ඩලය සහ නීතිපති දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය සම්පූර්ණයෙන්ම අමනෝඥ තීන්දුවක් බවත්, මේ නිසා අදාළ වන්දි නඩුව විසි වී යෑමේ වැඩි ඉඩක් පවතින බවත් පවසයි.

එසේ වුවහොත් එහි වගකීම කැබිනට් මණ්ඩලය, දේශපාලනඥයින් හා නීතිපති දෙපාර්තමේන්තුව මගින් සෘජුවම දැරිය යුතු බව ද පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රධාන උපදේශක හේමන්ත විතානගේ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිසර දූෂණය හා එහි වන්දිය අනතුරේ මැයෙන් ඊයේ (4 දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරිසරවේදී හේමන්ත විතානගේ තම ආයතනය මගින් සිදුකරන ලද අධ්‍යයනය අනුව නෞකාවෙන් සිදු වු සමස්ත හානිය ඩොලර් බිලියන 10 ඉක්මවන බව හා සිදු වූ පාරිසරික දූෂණය වසර 100 – 500 ක් පමණ දක්වා පැවතිය හැකි බව පැවසීය.

“නෞකාවේ තිබූ බහාලුම් 1486 කින් මෙටි්‍රක් ටොන් 80,000 ක දූෂක කාරක මුහුදට එකතුවෙලා තියෙනවා. එකතු කරල තියෙන්නේ මෙට්‍රික් ටොන් 1474 ක් පමණයි. මෙහි හානිය හරියට තවමත් ගණනය කරල නැහැ. පත්කරපු කමිටු 5 කින් ලබාදුන් තීරණ හෙළිදරව් කරන්නෙත් නෑ.

ඒ කෙසේ වෙතත් දෙවන වාරිකය ලෙස ඉල්ලා සිටින ඩොලර් බිලියන 6.4 ක මුදලවත් ලබා ගැනීමේ අර්බුදයකට රට මුහුණ දී තිබෙනවා. මීට දේශපාලකයන් හා කැබිනට් මණ්ඩලය වගකිව යුතුයි.

ලබන මැයි 14 ට පෙර වන්දි නඩුව ගොනු නොකළහොත් සියල්ල වතුරේ.

ලෝකයේ සිදු වූ විශාලතම රසායනික නාවික විනාශය මෙය බැවින් මෙය තවත් ‘චර්නොබිල්’ විනාශයක් හා තවත් ‘බෝපාල්’ ඛේදවාචකයක් ලෙස සැලකිය යුතු බවද පවසන ඔහු අදාළ නඩුව සිංගප්පූරුවේ පවරනවාට පරිසර යුක්ති කේන්ද්‍රය පමණක් නොව රජයේ සමුද්‍ර දූෂණ පාලන අධිකාරිය ද විරුද්ධ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව වන්දි නඩුකර වසර දෙකක් ඇතුළත පැවරිය යුතු වන අතර, එළැඹෙන මැයි 20 දාට වසර 2 ක් සම්පූර්ණ වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka