මාධ්‍යවේදී වෙසින් ඇවිත් ඝාතන චෝදනා-පැහැරගැනීමේ චෝදනා මත අත්අඩංගුවේ සිටි දේශපාලඥයකුට වෙඩි තියා මරා දමයි! ඝාතනය සජීවීව විකාශය කරලා! VIDEO
පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි ඉන්දීය දේශපාලනඥයෙකු, වෛද්‍ය පරීක්ෂණයක් සදහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යමින් සිටිය දී, මාධ්‍යවේදීන් ලෙස පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියෙන් එකී දේශපාලනඥයා මෙන්ම ඔහුගේ සහෝදරයාද මියගොස් තිබේ.
අතීක් අහමඩ් නමැති එම දේශපාලනඥයා 2004 වසරේ සිට 2009 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගෙන සිටියද, ඔහුට එරෙහිව පුද්ගල ඝාතන චෝදනාද ඇති බව පැවසේ.
අතීක් අහමඩ්ගේ නව යොවුන් වියේ පුත්‍රයාද මීට දින කිහිපයකට පෙර පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ඝාතනය වී තිබේ.
මෙහිදී ඝාතනය සිදු කරන අයුරු සජීවීව විකාශය කර ඇති බවද දැනගන්නට ඇත.
මාධ්‍යවේදී වෙසින් ඇවිත් ඝාතන චෝදනා-පැහැරගැනීමේ චෝදනා මත අත්අඩංගුවේ සිටි දේශපාලඥයකුට වෙඩි තියා මරා දමයි! ඝාතනය සජීවීව විකාශය කරලා! VIDEO
2023-04-16T12:44:00+05:30
Gossip Lanka Hot News






