පොහොට්ටුවට මිනිස්සු ඡන්දෙ දුන්නේ UNP එකට ජැක් ගහන්න නෙමෙයි! පක්ෂය පාවා දුන් අයට මොන මහසභාද? මෙහෙම ගියොත් මේ අයට ජනාධිපතිකම රනිල්ට දීලා යන්න වුණා වගේ පක්ෂයත් වෙන කාට හරි දීලා යන්න වෙනවා! මහාචාර්ය චරිතගෙන් පොහොට්ටුවට ප්‍රබල ප්‍රහාරයක්! VIDEO
පළමුවෙන් පොහොට්ටුව කියන්නේ යම් ජන කණ්ඩායමක් සහ දේශපාලන මතයක් මිසක් පුද්ගලයන් කීපදෙකෙන් නෙවෙයි. පසුගිය මැතිවරණවල ජනතාව පොහොට්ටුව අනුමත කළේ එජාපයට විරුද්ධව අපි ඉදිරිපත් කළ දේශපාලන වැඩපිළිවෙළ මිසක් එජාපයට කිහිළිකරුවක් වෙන්න නෙමෙයි. ඒ නිසා ඒ දේශපාලන මතය පාවා දුන් අයට මොන මහා සභාවක්ද? යැයි චරිත හේරත් මහතා කීය.
දෙවනුව පොදුජන පෙරමුනේ ව්‍යවස්ථාව කියල නිත්‍යානුකූල එක මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරල තියෙන්නේ. ඒකේ විදියට මිසක් fake constitutionවලට අනුව මහා සභා තියන්නේ කොහොමද? මහා සභාවේ සංයුතිය මොකක්ද කියලවත් ඒකේ කියල නැහැ. ඉස්සරවෙලා කරන්න තියෙන්නේ ඒක තීරණය කරන්න සභාපති ඇතුලු නිළධාරි මණඩලය තීරණයක් ගන්න එක. අලුත් සභාපති කෙනෙක් තෝරන්න වෙන්නෙත් තියෙන නීත්‍යානුකූල ව්‍යවස්ථාවට අනුව මිසක් fake ව්‍යවස්ථාවට අනුව නෙවෙයි. මේ මහා සභාව කියන්නෙම ව්‍යවස්ථා විරෝධී එකක් කියල ජී එල් පීරිස් මැතිතුමා කියල යැව්වේ ඒ නිසා.
තුන්වෙනුව දේශපාලන පක්ෂයක් කියන්නේ කාගෙවත් backyard එකක් නෙවෙයි. ර්ට කියන්නේ backyard එක කියල හිතාගෙන වැඩ කරන්න ගිහින් රටේ පාලනය වික්‍රමසිංහ මහතාට දී යන්න වුනා. පක්ෂය කියන්නේ backyard එක කියල හිතාගෙන මේ කරන වැඩ නිසා පක්ෂයත් කාටහරි දීල යන්න වෙයිද දන්නේ නැහැ. එහෙම නොවේවා කියල පතනවා.
පොහොට්ටුවට මිනිස්සු ඡන්දෙ දුන්නේ UNP එකට ජැක් ගහන්න නෙමෙයි! පක්ෂය පාවා දුන් අයට මොන මහසභාද? මෙහෙම ගියොත් මේ අයට ජනාධිපතිකම රනිල්ට දීලා යන්න වුණා වගේ පක්ෂයත් වෙන කාට හරි දීලා යන්න වෙනවා! මහාචාර්ය චරිතගෙන් පොහොට්ටුවට ප්‍රබල ප්‍රහාරයක්! VIDEO
2023-04-24T09:30:00+05:30
Gossip Lanka Hot News





