gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොලිස් ලොක්කන්ගේ මාරුව ලොකු අවුලක් වෙයි! පොලිස් ඇමති ටිරාන් අජිත් රෝහණට පිළිතුරු දෙයි!

දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නියමිත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව එවැනි මාරු කිරීම් කිරීමට ඒ කොමිසම බලය ලබාදී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඔහු දකුණු පළාතට මාරුකර යවනු ලැබුවේද ඉහත ක්‍රමවේදය අනුව බවත් ඒ අවස්ථාවේදී දකුණු පළාතට ගිය අජිත් රෝහණ මහතා එම ක්‍රමවේදය යටතේම නැගෙනහිර පළාතට මාරු කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි ටිරාන් අලස් අමාත්‍යවරයා ප්‍රශ්න කරනවා.

සේවා අවශ්‍යතා මත කළ උසස් පොලිස් නිලධාරින් රැසකට මාරුවීම් ලබාදී  ඇති අවස්ථාවක අජිත් රෝහණ මහතා පමණක් එම මාරුවීම ප්‍රතික්ෂේප කිරීම ගැටළු සහගත කාරණයක් බවත් ඒ පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුවී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka